Colombo Today Local News

අද පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීමක්

පක්ෂ නායක රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තු ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණය.

ඒ අනුව අද පස්වරු 3ට පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර මේ සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

මේ අතර පාර්ලිමේන්තුව හෙට (08) දිනයේ සිට දින 4ක් පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

මේ අතර සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා හට කොවිඩ් -19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබේ.

මේ වන විට මන්ත්‍රීවරයා නිවෙස් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මන්ත්‍රීවරුන් 50කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

Related posts

හිජාස් හිස්බුල්ලා අධිකරණයට

colombotoday

ප්‍රතිපත්තිමය තීරණයන්ට පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන්න – මහ බැංකු අධිපති

colombotoday

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ අසභ්‍ය වීඩියෝවක් පෙන්වයි

colombotoday

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin

එජාප මැතිවරණ සටන ඇරඹෙයි.. සජිත් හැලෙයි.. මිලියන දෙදාහක් අරන් රවී ගමින් ගම එයි !!

colombotoday