Colombo Today Local News

ප්‍රතිපත්තිමය තීරණයන්ට පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන්න – මහ බැංකු අධිපති

පසුගිය අය-වැයවලදී යථාර්ථවාදී නොවන ආදායමක් පෙන්වීම නිසා පාර්ලිමේන්තුව නොමග ගියා

වත්මන් අසීරු ආර්ථික තත්ත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසඟවා ජනතාවට පවසන ලෙස ත් දීර්ඝ කාලීන ආර්ථික ස්ථාවරය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සඳහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙස ත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (24)දින පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ඉල්ලීමක් කළේ ය.

මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ‍ක්‍රියාවේ යෙදවීමට නොහැකිවූ නමුත් අද වන විට එය හඳුන්වා දීමට සිදුවී ඇති බව ත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

වත්මන් ආර්ථික අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ක්‍රමිකව ගොඩනැගීම සඳහා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහ අදාළ ඉදිරි ගමන් මඟ පිළිබඳ පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස මුදල් කාරක සභා සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී නිර්දේශ කළේ ය.

ඒ අනුව, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඊට අවශ්‍ය සහාය ලබා දීමට අපේක්ෂා කරන බවත් මුදල් කාරක සභා සභාපතිවරයා පැවසීය.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා වෙන් කළ ඇ.ඩො. මිලියන 600ක මුදලක් ඉදිරි කාලය සඳහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා යෙදවීමට එකඟ වී ඇති බව ය.

එසේ ම කෙසේ හෝ ඩොලර් සපයා දුන්න ද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිල දී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැති වීම ද බලව ත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

පසුගිය කාලය තුළ අය-වැය පිළියෙල කිරීමේදී ඇස්තමේන්තු ගත රාජ්‍ය ආදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන ආදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුව ද නොමග ගිය බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

මේ නිසා මෙම ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම මත පදනම්ව අමාත්‍යංශ ඇතුළු වියදම් සඳහා ඉහළ මුදලක් වෙන් කිරීමත් අවසානයේ එම වියදම පියවා ගත නොහැකිව ඉහළ අය-වැය පරතරයක් ඇති වීම ත් ණය උගුලක හිරවීමට ත් මෙම තත්ත්වය හේතු වූ බව ඔහු පෙන්වා දුන්නේ ය.

මීට අමතරව ආදායම් බදු නිසි ලෙස අයකර ගැනීම සඳහා යාන්ත්‍රණයක් ඇති කිරීම, මැණික් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්තයන්ට අදාළව අපනයනයේදී සහ ආනයනයේදී සිදුවන අක්‍රමිකතා වළකා නිසි ආදායම් රටට හිමිකර දීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

තව ද දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මීට පෙර අවසර දෙන ලද මුදලට වඩා වැඩිපුර රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය ලබා ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද ඊයේ පැවති මුදල් කාරක සභාවේ එකඟත්වය හිමි විය.

May be an image of 9 people, people sitting, people standing, indoor and text that says "© arliament of Sri Lanka"
May be an image of 9 people, people sitting, people standing, indoor and text that says "© Parliament of Sri Lanka"
May be an image of 8 people, people sitting, people standing and indoor
May be an image of 13 people, people standing and indoor
May be an image of 9 people, people sitting, people standing, indoor and text that says "© Parliament of Sri Lanka"

Related posts

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට වසර 4ක සිර දඬුවමක්

Admin

අස්ගිරි මහානාහිමි ප්‍රමුඛ මහ සගරුවන උතුරේ සංචාරයක (Video)

colombotoday

අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා

colombotoday

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

colombotoday

ඉන්දියාවෙන් ලාබෙට ගෙනා හාල්, ලංකාවේ නමින් වැඩි මිළට වෙළදපලට !!

colombotoday

යුද හමුදාව සතුව තිබූ ගිනි අවියක් පාතාලයට ගිය ආකාරය සොයා විමර්ශන

colombotoday