Colombo Today Local News

උතුරේ ආරක්ෂාව ගැන සාකච්ඡාවකදී තියුණු ආයුද ගත් පිරිසකගෙන් නිවෙසකට ප්‍රහාරයක්

උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව ආණ්ඩුකාරවරයා සහ ආරක්ෂක අංශ සමග උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සාකච්ඡාවක් පවතින අතර වාරයේ යාපනය නීර්වේලි ප්‍රදේශයේ පිහිටි නිවසකට තියුණු ආයුද ගත් පිරිසක් ඇතුල් වී නිවසේ දේපල රැසකට හානි කොට පළා ගොස් ඇති බවටද යාපනය පොලීසිය පවසයි.

තියුණු ආයුධ ගත් සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මුහුණු ආවරණ දමාගෙන විත් නිවසට ඇතුල් වී නිවැසියන් බිය ගන්වා දේපල රැසකට මෙසේ හානි කොට පලාගොස් ඇත.

උතුරු පලාතේ නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාතේ වත්මන් ආරක්ෂකව පිළිබඳ සාකච්ඡාවට උතුරු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා නාවික, ගුවන්, යුද හමුදාව නියෝජනයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

එහිදී යාපනයේ ආයුධ කල්ලි මැඩපැවත්වීමටද ආරක්ෂක අංශ ගතහැකි උපරිම පියවර ගෙන ජනතාව ආරක්ෂා කරන ලෙසද උතුරු ආණ්ඩුකාරවරයා ඉල්ලා ඇත.

Related posts

කොළඹ ප්‍රධාන පාලම් දෙකක් දැඩි අවදානම් තත්වයක

Admin

“හතළිහක් විපක්ෂයේ වාඩි වුනේ විපක්ෂනායකගේ කණ්ඩායමට නෙමෙයි”

colombotoday

තවත් ආසාදිතයින් 362ක්

colombotoday

ආගමන විගමන නිලධාරීන් 450කට කොවිඩ් එන්නත

colombotoday

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday

ඕනෑම මැතිවරණයකට සූදානම් – මැකෝ

colombotoday