Colombo Today Local News

මැයි 9 ප්‍රචණ්ඩක්‍රියා සිද්ධිවලට සම්බන්ධ 1,708ක් අත්අඩංගුවට. 751 රිමාන්ඩ්

මැයි 9 වන දා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් 1708 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඉන් 751 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඇප මත සැකකරුවන් 900ක් නිදහස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පරේදා දිනයේදී මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් 117 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු පැවසීය.

ඉන් සැකකරුවන් 78 දෙනෙකු පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර සැකකරුවන් 32 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කරයි.

Related posts

හැම ගෙදරකටම ස්මාර්ට් විදුලි මීටර් දෙනවා.. ලංකාවේම හදල රටත් යවනවා

colombotoday

රනිල් කියන්නෙ පිරුණු කළයක්…

colombotoday

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

colombotoday

ජාතික ආණ්ඩු යෝජනාව බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනයක්

colombotoday

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 58 ඉක්මවයි

colombotoday

ලංගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් අය-වැයෙන් එළියට…

colombotoday