Colombo Today Local News

රගර් ගහන්න දීපූ මිලියන 70ක ට වෙච්ච දෙයක් නෑලු. නාමල් අධිකරණයට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (25)දින අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි පසුගිය යහපාලන රජය සමයේ සිදු කළ පැමිණිල්ලකට අදාලවයි.

එම පැමිණිල්ල අද (25)දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අතර පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස නියම කළේය. ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කිරීමත් සමගයි.

රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි නාමල් රාජපක්ෂට චෝදනා එල්ලවී ඇත.

Related posts

ආණ්ඩුව පරිණත නෑ අපිටත් මුහුණ දෙන්න බෑ

Admin

ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්ගේ වැඩ තහනම්

Admin

OIC ගේ මුව ආවරණය ගලවන්න ගිය රැප් ගායකයාට වැඩ වරදී…

colombotoday

අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම ලක්ෂ 4,445ක හිඟ බදු ගෙවලා !

colombotoday

ඩොලර් හොයන්න ගංජා වවන්න තීරණයක්

colombotoday

අල්ලස් චෝදනා එල්ල වූ මාවනැල්ලේ පොහොට්ටුවේ සභාපති යළි රිමාන්ඩ්

Admin