BusinessColombo Today Local News

“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video

ranilhdd

රාජ්‍ය ආයතන කිහිපයක් ලබන වසරේ කොටස් වෙළදපොලේ විකිණීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ඉහළම පෙලේ ආයෝජකයක් සමූහයක් ඉදිරියේ හෙළිදරව් කළේය.

කොළඹ කොටස් වෙළදපොලේ තිස් වැනි සංවත්සර උළෙලේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් අගමැතිවරයා කොටස් වෙළදපොල් රාජ්‍ය ආයතන අලෙවි කිරීම ඒවායේ වර්ධනයට හේතු වනු ඇති බවට විශ්වාසය පල කළේය.

කෙසේ වෙතත්, විකණීමට යෝජිත රාජ්‍ය ආයතන හෝ නිකුත් කරන කොටස් ප්‍රමාණය ඔහු විසින් ප්‍රකාශ කළේ නැත.

රටේ මධ්‍යම පන්තිය කොටස් හිමියන් බවට පත් කිරීමේ අපේක්ෂාව පළ කළ අගමැති වික්‍රමසිංහ, ශ්‍රී ලංකාව ‘ඉහළ තරගකාරිත්වයකින් යුත් සමාජ ධනවාදයක්’ කරා ගෙන යාමට උපකාරී වන ලෙස කොටස් වෙළෙඳ පොලෙන් ඉල්ලා සිටියේය.

Related posts

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

colombotoday

ගාල්තැන්න දේවාලයේ රන් කිලෝ 10කට විද්ද හොරු 4ක් පොලිසියෙන් සොයා දෙයි !

colombotoday

සජිත්ට-ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැති මහින්දට විරුද්දව විරෝධතා

colombotoday

තරගකාරී මිලකට වී ගන්න රජය තීරණය කරයි

colombotoday

විදේශීය පොහොර වෙනුවට ජෛව පොස්පේට් වෙළෙඳපොළට

colombotoday

විපක්ෂනායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර නිදහස් පක්ෂයට ??

colombotoday