Colombo Today Local News

බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

පිටකොටුව දෙවැනි හරස් වීදියේ පදික වේදිකාවේ විකිණීමට තබා තිබූ බුදුරුවේ සිරස මුද්‍රණය කළැයි කියන සාරියක් අද සොයා ගත් බව පොලිසිය කියයි.

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ කාන්තාවක සාරි මිලදී ගැනීමට පිටකොටුව දෙවැනි හරස් වීදියට පැමිණ සාරි තෝරමින් සිටියදී මෙම සාරිය දැක 119 හරිදිසි ඇමැතුම් අංකයට ඇමැතුමක් ලබා දී තිබෙන බව පොලිසිය පවසයි.

එම පැමිණිල්ල අනුව දිවා ජංගම සංචාරයේ යෙදුණු නිලධාරීන් එම ස්ථානයට ගොස් සාරිය පොලිස් බාරයට ගෙන තිබේ. එම සාරිය විකිණීමට දමා තිබූ වෙළෙන්දාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කරයි.

– lankadeepa –

Related posts

තව්හිද් ත්‍රස්තයන් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා…

colombotoday

පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැන්දඹුවන්ට ගෙවන වැටුප් ගැන තීරණයක්

colombotoday

අද රාත්‍රියේ ඉන්ධන මිළේ වෙනසක්…

colombotoday

දොස්තරලා අද වැඩ වර්ජණයේ

colombotoday

ශ්‍රී ලංකාවේ එන්නත් සහතික බ්‍රිතාන්‍ය පිළිගනී: පිළිගන්නා එන්නත් වර්ග මෙන්න

colombotoday

ආපන ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට

Admin