Colombo Today Local News

බදියුදීන් විමල්ට අභියෝග කරයි… කීර්ති නාමයට හානි කළැයි කෝටි 100ක වන්දියකුත් ඉල්ලයි

තමන්ට ඇමෙරිකාවේ ගිණුමක් ඇති බවටත් එයට ඇමෙරිකානු ඩොලර් 100000ක මුදලක් තැන්පත් කර ඇති බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාව ඔප්පුකර පෙන්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විමල් වීරවංශ මහතා අභියෝග කළේය.

අද (11දා) කොළඹ පිහිටි සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“ඔප්පු කොපි සිය ගණනක් CID යට හම්බවුණා කියලා එතුමා තව බොරුවක් කියලා තියෙනවා. CID පරීක්ෂණයක් තිබෙනවානම් ඒක ඉවරවෙන්න කලින් මේවා කියන්න එතුමා පොලිස් ඇමතිවරයද?

එහෙම නැත්නම් CID එක්ක හොර සබඳතාවක් තිබෙනවාද? මම එතුමාට අභියෝග කරනවා CID දාලා පරීක්ෂණ කරන්න මට එහෙම ඔප්පු දහස් ගණන් සිය ගණන් නෑ.

ඡන්ද කාලේදී මට විරුද්ධව කථා කරන ඇමතිවරු ඉන්නවා. ඒ වගේ ඉඩම් තියෙනවානම් දූපතක් තියෙනවානම් ආණ්ඩුවට පවරා ගන්න කියලා මම කිව්වා.

මේ වගේ චෝදනා කරද්දී හරියට බලාලා කියන්න ඕන. සතොස භාණ්ඩ ගනිද්දී ගුණාත්මක නොවන භාණ්ඩ ගත්තා කියලා චෝදනා කරනවා. මට ආයතන 42ක් තිබ්බා. මේ වගේ චෝදනාවක් ආවේ නෑ.

මේ භාණ්ඩ ගන්නේ කමිටු පත්කරලා, ගුණාත්මක බව බලලා. එතුමා මම ගැන සිංහල ජනතාවට බොරු කියනවා. සතොස වාහන සහරාන්ට දුන්නා කිව්වා. මේවා ඔප්පුකරන්න පුළුවන්. දැන් ආණ්ඩුව ඇවිත් මාස තුනක් වෙනවා. මාව හිරේ දාන්න පුළුවන්නේ.

එතුමා කියන චෝදනා සම්පූර්ණ අසත්‍යයි. මම නීතිඥවරු මාර්ගයෙන් කෝටි 100ක වන්දි ඉල්ලා එන්තරවාසි යොමුකර තිබෙනවා. සති දෙකක් එතුමාගේ උත්තර බලනවා. ඊට පස්සේ මම නඩු මගට යනවා.”

Related posts

කිසිදු අවස්ථාවක ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබදව ජනාධිපති ආරක්ෂක අංශය දැනුවත් කර නොමැති බව හෙළිවේ

colombotoday

මත් ද්‍රව්‍යට ඇබ්බැහි වු රැදවියන් 8500ක් ඇප මත නිදහස්

colombotoday

වාසුගේ නඩුව විභාගයට ගනී.. හම්බන්තොට වරාය, අක්කර 15,000 විකිණීම නවතන්න වෙයි

colombotoday

“ගූගල් ලූන් යන්න ගියා.. වෙනත් විකල්පයක් හොයනවා“ – ඩිජිටල් ඇමති හරීන්

colombotoday

කැෆේ සංවිධානයට ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් ඇතුළු පැමිණිලි 67ක්

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව සිසුන්ට දැනුම්දීමක්

colombotoday