Colombo Today Local News

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි නීතිපති නැවතත් කියයි !

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සදහා කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව අද දිනම (11) නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දෙවැනි වරටත් අද (11) දැනුම් දුන්නේය.

රන්ජන් රාමනායක මහතා සහ ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබාදී තිබියදී ඒ අනුව කටයුතු නොකර දින 18 කට පසු අධිකරණ බලසීමාව නොදැන සිටි බවට හා ඒ සම්බන්ධයෙන් විමසන තෙක් කිසිවක් නොකර සිටීම හාස්‍යයට කරුණක් බව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපිය මඟින් අවධාරණය කර ඇති බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ  ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

රන්ජන් රාමනායක සහ ගිහාන් පිළපිටියට විරුද්ධව නව නීතී කෘත්‍යයක් ආරම්භ කළ යුත්තේ කුමන අධිකරණයකද යන්න දැනුම් දෙන්නැයි ඉල්ලමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතීපතිවරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් මඟින් මේ බව අවධාරණයකොට ඇති නීතීපතිවරයා මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා විසින් සිදුකළ විමර්ශන වලදී ලබාගත් දුරකථන කුළුණු වාර්තා අනුව නුගේගොඩ හා කොළඹ අධිකරණ කලාප වලදී මෙම අපරාධයට අදාළ සිදුවීම සිදුවී ඇති බවද අවධාරණය කොට ඇත.

ගිහාන් පිළපිටිය මහතා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා වශයෙන් කටයුතු කරන සමයේදී ඔහු ඉදිරියේ විභාග කරන නඩුවක සැකකරුවකු ඇප නොදී රිමාන්ඞ් බාරයට පත් කිරීම පිළිබඳව රන්ජන් රාමනායක මහතා සමඟ උපාය මාර්ගික ක‍්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡාකළ බව පැහැදිල වන බවත් එම හඬපටයේ නෑ…… නෑ…. මගේ වාහනය හරවන ගමන් උසාවියට….’ යනුවෙන් වී ඇති සදහන අනුව අධිකරණ බලසීමාව පැහැදිලිවම අනාවරණය වන බව පෙන්වා දෙන නීතීපතිවරයා එවැනි තත්වයක් තුළ ඔබගෙන් හේතූ විමසන තෙක් අධිකරණ බලසීමාව කුමක්දැයි විමසා නොසිටීම බලවත් කණගාටුදායක තත්වයක් බවද අවධාරණය කර ඇත.

මෙම සිද්ධියට අදාළ විමර්ශන වලදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට අධිකරන බලසීමාව සම්බන්ධයෙන් යම් ගැටළු  සහගත තත්වයක් ඇතිවුයේ නම් තමා හෝ තමාගේ නලධාරීන් හමුවී හෝ දුරකථන ඇමතුමක් මඟින් උපදෙස් ලබාගැනීමට හැකියාව තිබුණත් ඒ අනුව කටයුතු නොකර දින 18කට පසුව මේ සම්බන්ධයෙන් විමසන තෙක් අධිකරණ බලසීමාව නොදැන සිටි බව සඳහන් කිරීම හාස්‍යයට කරුණක් බවද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට ලක් කර ඇත.

දුරකථන කළුණු වාර්තා අනුව රන්ජන් රාමනායක මහතා විසින් නුගේගොඩ අධිකරණ බලප‍්‍රදේශයේදී මෙම සංවාදය ආරම්භ කොට ඇති බවත් ගිහාන් පිළපිටිය මහතා කොළඹ අධිකරණ බලප‍්‍රදේශයේදී ඊට සම්බන්ධ වී ඇති බවත් කෙසේ නමුත් මේ වනවිටත් රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බවත් පෙන්වා දෙන නීතීපතිවරයා ඒ අනුව අද දිනයේදීම ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට නියමිත අධිකරණ පියවර ගන්නා ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
 

Related posts

මහනුවර හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

මහ කන්නය විනාශයි. ජනවාරි කන්නයටවත් එකම කෘෂි රසායනයක් ගෙන්වන්න අවසරය ලබාදීලා නෑ. – රෝහිණී කවිරත්න

colombotoday

“පසු බසින්නේ නෑ : මවුබිමට ඇවිත් ජනතා පැතුම් ඉටු කරනවා”

colombotoday

දඹුල්ල නගර සභාවෙන් බලු බද්දක් – සියලු බදු මුදල් වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

“රාජපක්ෂ යුගයේ රටට කුඩු ගෙන්නුවේ තොග පිටින්.. දේශපාලන රැකවරණත් ලැබුණා“ – සජිත්

colombotoday

අශේන් CCD රැගෙනවිත් ප්‍රශ්න කරයි… රහස් තොගයක් වමාරයි…

colombotoday