Colombo Today Local News

“පසු බසින්නේ නෑ : මවුබිමට ඇවිත් ජනතා පැතුම් ඉටු කරනවා”

කිසිදු කරුණක් මත පසුබැසීමට තමා සූදානම් නොමැති බවත්, හැකි ඉක්මනින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට සූදානම් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසකට ඊයේ (03දා) සදහන් කර ඇත.

එමෙන්ම ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් දැනුම් දී තිබේ. 

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් වන ප‍්‍රසන්න රණතුංග, කෙහෙළිය රඹුක්වැල්ල, තේනුක විදානගමගේ, ප‍්‍රියංකර ජයරත්න, ප‍්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමක් ඊයේ (03දා) සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කර ඇත. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩා හොඳ අතට හැරෙමින් තිබෙන බවත්, සුවදුක් විමසීමට සිංගප්පූරු විදේශ ඇමැතිවරයා ද පැමිණි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රකාශ කර තිබේ. එළැඹෙන ජනාධිපතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සූදානම හා සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප‍්‍රසන්න රණතුංග මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙහිදී කරුණු පැහැදිලි කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මේ වන විට ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු දිස්ත‍්‍රික් මට්ටමින් ක‍්‍රියාවට නංවා ඇති බවත්, නාමයෝජනා භාරදීමට පෙර හා භාරදීමෙන් පසුව ප‍්‍රචාරක කටයුතු ක‍්‍රියාවට නංවන ආකාරයත් මන්ත‍්‍රීවරුන් මෙහිදී ස`දහන් කර තිබේ. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සොහොයුරන් තමන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බවත්, ඔවුන්ගේ ආශිර්වාදය මැද ඉදිරි අභියෝග ජයගනිමින් පෙරට යෑමට සූදානම් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට වැඩිදුරටත් පවසා ඇත.

Related posts

මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට පාලන මිලෙන් පහළට බිත්තර

Admin

සන්නස්ගල විකිනෙයි – දේශපාලකයෙක් හෙළිකරයි.

colombotoday

‍ඉන්දියානු නාවික බලය පෙන්වන්න ‘වික්‍රම්ආදිත්‍ය’ කොළඹ එයි

colombotoday

ප්‍රධාන පෙලේ මුස්ලිම් ව්‍යාපාරයක් වන ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් කොරෝනා වාහකයෙක්දැයි සැකයක්?

colombotoday

වතුර ගැනීමට ළිඳට ගිය දැරියක් ජීවිතක්ෂයට

Admin

රත්නපුර බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් දරුණු අනතුරක්

Admin