World

ඉන්දියාවේ නාවික හමුදා කඳවුරක කොරෝනා පැතිරෙයි

ඉන්දියාවේ බටහිර , මුම්බායි නගරයේ නාවික හමුදා කඳවුරක කොරෝනා වයිරසය පැතිර යන බව ඉන්දීය ආරක්ෂක නිලධාරීන් වාර්තා කර තිබේ.

එම කඳවුරෙන් කෝවිඩ් – 19 ආසාදිතයන් 21 දෙනකු තහවුරු කරගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.

මොවුන් බොහෝ දෙනකු රෝග ලක්ෂණ නොපෙන්වූ බවද සඳහන් වේ.

ඔවුන් සියලු දෙනාම එකම නිවාසයක නේවාසිකව සිටි අය වන අතර මේ වනවිට එම කළාපය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

කොරෝනා ආසාදිත නාවික සෙබලුන් 21 දෙනාම රෝහල් ගතකළ බව ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

කෙසේ වුවද කිසිදු නෞකාවක හෝ සබ්මැරීනයක ආසාදිතයන් වාර්තා නොවන බවද ඔවුහු සඳහන් කරති.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉන්දීය නාවුක හමුදා ප්‍රධානී කරම්බීර් සිං අවධාරණය කර සිටියේ නෞකා සහ සබ්මැරීන වෛරසයෙන් තොර කළාප ලෙස පවත්වාගෙන යෑම ඉතා වැදගත් බවයි.

“මෙවැනි වසංගතයක් අප මීට පෙර දැක නැහැ, මෙය ඉතාම භයානක වයිරසයක්, එය ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් වලට අසාමාන්‍ය බලපෑම් ඇතිකර තිබෙනවා. කොවිඩ් – 19 සමග සටන් වදින භටයන් වසංගතයෙන් ආරක්ෂා වීම ඉතාම වැදගත්” යැයි ඔහු පැවසීය. 

ඉන්දියාවේ පැතිරෙමින් පවතින වසංගතය මැඩපැවැත්වීමට නාවුක හමුදාව ප්‍රබල ලෙස දායක වෙයි.

නිරෝධායන කඳවුරු පවත්වාගෙන යන අතර නාවුක හමුදා රෝහල් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන බවට පත්කර තිබේ.

ඉන්දියාවේ මේ වනවිට කොවිඩ් – 19 ආසාදිතයන් 11 906ක් සිටින අතර මරණ 480ක් වාර්තා වී තිබේ.

රටේ සියලුම ප්‍රධාන නගර කොවිඩ් – 19 රතු කළාප ලෙස නම් කර ඇත.

Related posts

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් දින දෙකක් සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගනී

Admin

(Video) හිරකරුවන් කොකුවල එල්ලා හරකුන් ලෙස මරා දමලා.. IS ත්‍රස්තයෝ හජ් සැමරූ හැටි !

colombotoday

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

ආණ්ඩුව පළවාහරිනු.. හමුදා ආණ්ඩුවක් හදා රට බේරා ගනු – උද්ඝෝෂණ ඇරඹෙයි !

colombotoday

කැනඩාව ගංජා නීතිගත කරයි !

colombotoday