World

කැනඩාව ගංජා නීතිගත කරයි !

කැනඩාව තුළ කංසා සම්පූර්ණයෙන් නීත්‍යනුකූල කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇති අතර ඒ අනුව හෙට (17) සිට එරට තුළ මෙතෙක් බලපෑ සියලු තහනම් නිෂ්ප්‍රභ වී යන බව වාර්තා වෙයි.

ඒ අනුව කැනේඩියානු ෆෙඩරල් නීතිය සැකසෙන්නේ වැඩිහිටියන්ට පමණක් බලපත්‍රලාභී නිෂ්පාදකයින්ගෙන් කංසා මිලට ගැනීමට හා පරිභෝජනයට හැකියාව ලැබෙන ආකාරයටය

කැනඩාව යනු ලෝකයේ වැඩිම තරුණ ජනගහණයක් කංසා පරිභෝජනය කරන රටක් ලෙස සැළකෙන අතර ජාවාරම් නැවැත්වීමටත් ඒ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 8.7 ක් පමණ ආදායමක් රජයට ලැබෙනු ඇති බව එරට බලධාරීන් විශ්වාසය පළකරන බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් මෙම නිතිය විවිධ ප්‍රාන්ත වල වෙනස්කම් සහිතව බලාත්මක වනු ඇති බවත් ඒ අනුව ඔන්ටේරියෝ ප්‍රාන්තයේ දුම්පානය කරන ඕනෑම තැනක කංසා පානය කිරීම‍ට හැකිවුවත් නිව් ලුන්ඩ්ස්වික්, නිව් ෆවුන්ලන්ඩ් හ‍ා ලැබ්‍රදෝර් ප්‍රාන්තයන්හි එලෙස සෑම දුම් පානය කරන ස්ථානයක කංසා පානය කළ නොහැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

Related posts

මොක්සි අඟහරු මත ඔක්සිජන් නිපදවයි

colombotoday

එජා මහ සමුළුවට සහභාගී වූ බ‍්‍රසීල සෞඛ්‍ය ඇමැතිට කොවිඩ්

colombotoday

ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගෙන් මොසුල් නගරයට රසායනික අවි ප්‍රහාරයක්

colombotoday

වාසනාව ලැබෙතැයි සිතා ගුවන් යානයේ එන්ජිමට කාසියක් විසි කරලා

colombotoday

ඉන්දියාව නම වෙනස් කරන්න යයි

Admin

ලන්ඩන් ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ රතු කට්ට පනී !

colombotoday