World

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

රුසියානු සමාගම්වල දැන්වීම් අන්තර්ජාලය තුළ ප්‍රචාරණය තහනම් කර ඇති අතර රුසියානු සමාගම් යූ ටියුබ් ජාලයට උඩුගත කර ඇති වීඩියෝ සඳහා නැරඹුම් වාරයකට ගෙවන මුදලද ගූගල් සමාගම විසින් අත්හිටුවා තිබේ.

පසුගිය සෙනසුරාදා දින ප්‍රකාශයක් නිකුත් කරමින් ගූගල් යුරෝප් පැවසුවේ යුක්රේනයේ සිදුවන යුද ගැටුම් හේතුවෙන් රුසියාවට මෙම ගූගල් සේවා තහනම පැනවූ බවත් ගූගල් සමාගමට අනුබද්ධිත සියලුම සේවා සඳහා මෙම තහනම ක්‍රියාත්මක වන බවත්ය.

රුසියන් ටුඩේ යනු යූ ටියුබ් ජාලයේ විශාල පරිශීලකයන් පිරිසක් සිටින නාලිකාවක් වන අතර මෙම තහනම ඔවුන්ට විශාල පාඩුවක් යැයි විශ්ලේෂකයෝ පවසති.

ගූගල් යුරෝප් පැවසුවේ යුක්රේනයේ තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින අතර එහි ඇතිවන තත්ත්වය මත තහනම වැඩි කිරීමට හෝ අඩු කිරීමට තීරණය කරන බවයි.

Related posts

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක්

colombotoday

දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

Admin

රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක් – 100ක් මරුට

colombotoday

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස පැණි පානය කළ ගැම්බියාවේ දරුවන් 66ක් වකුගඩු අකර්මණ්‍ය වී මරුට

colombotoday

ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ලොව පළමු මිනිසා මියයයි

colombotoday

කොවිඩ් රෝහලක ප්‍රබල ගින්නක්

colombotoday