Colombo Today Local News

ආන්දෝලනාත්මක අධිභාර බද්ද පනත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට

ආන්දෝලනාත්මක අධිභාර බද්ද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ තිබේ.

මෙම පනත් කෙටුම්පත ලබන සතියේ විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

අධිභාර බද්ද පනත් කෙටුම්පත සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 23 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

අධිභාර බද්ද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයද ලබන සතියේ දී කතානායකවරයාට බාරදෙනු ඇතැයි දැනගන්නට ඇත.

රුපියල් කෝටි 200 ට වැඩි ආදායම් ලබන පුද්ගලයන්ගෙන් හවුල් ව්‍යාපාරවලින් හෝ සමාගම්වලින් සියයට 25 ක බද්දක් අය කිරීමට අදාල ප්‍රතිපාදන සැලසීම මෙම අධිභාර පනත් කෙටුම්පත මගින් සිදු කෙරේ.

මෙම පනත් කෙටුම්පතට සේවක අර්ථසාධක අරමුදලද ඇතුළත් කරනු ලැබ ඇති අතර ඊට එල්ලවූ විරෝධතා හේතුවෙන් එම අරමුදල ඉන් ඉවත් කර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

Related posts

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

ඉදිරි මහ කන්නයට පොහොර සහ බීජ ලබාදීමට සූදානම් -ජනපති

colombotoday

“මා ජනපති වූයේ දේශද්‍රෝහියෙකු වීමට නොවේ !” – ජනපති කියයි

colombotoday

‘ඒකීයභාවය අහෝසි කිරීමට එකගවුණා.. අපි ඉල්ලන ෆෙඩරල් ක්‍රමය ගැන දැන්ම හෙළිකරන්නෑ‘ – TNA

colombotoday

ප්‍රසන්න දගලනව වැඩියි.. අයින් කරල දාන්න – චන්ද්‍රිකා මෛත්‍රීට කියයි

colombotoday