World

ආණ්ඩුව පළවාහරිනු.. හමුදා ආණ්ඩුවක් හදා රට බේරා ගනු – උද්ඝෝෂණ ඇරඹෙයි !

009720-01-02_4593989_13072016_ssl

රට බේරා ගැනීමට හමුදාපති තුමනි මැදිහත් වන්න, දූෂිත පාලනයට වඩා හමුදා කුමන්ත්‍රණ හොදයි, හමුදා කුමන්ත්‍රණයක් සිදු කරනු! යැයි දැක්වෙන දැවැන්ත බැනර්, කටවුට් ඊයේ පාකිස්ථානය පුරා ප්‍රදර්ශනය කර තිබුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

නවාස්ශරිෆ්ගේ පාලනය පෙරලා දැමීමට මැදිහත් වන ලෙස එරට බලගතු හමුදා ප්‍රධානී ජෙනරාල් රාහිල් ශිරිෆ්ගෙන් ඉල්ලීමක් කරමිනුයි ඔහුගේ රුව යෙදූ මෙම බැනර් ප්‍රදර්ශනය කර තිබෙන්නේ. ඉස්ලාමාබාද් අගනුවර සහ රාවල්පින්ඩි, කරච්චි, ලාහෝර් ආදී ප්‍රධාන නගරවල මෙන්ම රටේ සෑම නගරයක් තුළම මෙම බැනර් එක් රැයක් තුළ ප්‍රදර්ශනය කර තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ.

මෙම පෝස්ටර් අප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක්වන පාකිස්තානය නැගිටිනු යන දේශපාලන පක්ෂය විසින් අලවා හා ලෙළවා ඇතැයි පැවැසෙන අතර එම පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කරවා ඇත්තේද 2013දි පමණය.

අත්තනෝමතික දූෂිත පාලනයට වඩා හමුදා පාලනයකින් රටට සෙත සැලැසෙනු ඇති බව පාකිස්තානය නැගිටිනු දේශපාලන ව්‍යාපාරයේ නායක අලි හෂ්මි ප්‍රකාශකර ඇත.

 

Related posts

බංග්ලාදේශ විපක්ෂ නායක මිර්සා ෆකුරුල් අත්අඩංගුවට

Admin

ඇමරිකානු ජනපතිවරණ සටනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්

colombotoday

මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇරඹේ…

colombotoday

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින්නන්ට ඊශ්‍රායලයෙන් පැය 24ක් දෙයි

Admin

තවත් මුස්ලිම් රටක් ඇෆ්ගනිස්ථාන සරණාගතයන් එපා කියයි.

colombotoday

රුසියාවෙන් එක් දිනකදී පමණක් මිසයිල ප්‍රහාර 90ක් – යුක්‍රේන ජනපති

Admin