World

මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇරඹේ…

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය අද සුවිස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වේ.

සැසිය ලබන මස 07 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇති.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද දිනයේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇමතීමට නියමිතය.

එම සැසියට සහභාගිවීම සඳහා ජිනීවා නුවරට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නීතිපති දෙපාර්තමේන්තුවේ හා විදේශ අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් ද ඇතුළත් වෙති.

මේ අතර එම සැසියට සහභාගිවීම සඳහා සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහ්මාන්, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරු ද ජිනීවා නුවර බලා පිටත්ව ගියහ.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනය කළේ, වසර ගණනාවක් සිය සංගමයේ නීතිමය කටයුතුවලට හා ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී මැදිහත්වීමත් නිසා නුවන් බෝපගේ මහතාට ජිනීවා සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවයි.

Related posts

වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක්

colombotoday

බහරේන් අග්‍රාමාත්‍යවරයා මියයයි

colombotoday

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday

දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා අසධිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඉන්දියාවෙන් ලෝක වාර්තාවක්

colombotoday

ඇන්ගුයිලා දූපතේ නව ආණ්ඩුකාර ධුරයට ශ්‍රී ලාංකික දිලීන් ඩැනියෙල්

colombotoday

තවත් මුස්ලිම් රටක් ඇෆ්ගනිස්ථාන සරණාගතයන් එපා කියයි.

colombotoday