World

ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 63ක් මරුට. 180කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති මංගලෝත්සවයකදී අද(18) සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 63ක් මිය ගොස් 180කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවද, මංගලෝත්සවයේ කටයුතු සිදුවෙමින් පැවතියදී එය පිපිරී ඇති බවද වාර්තා වේ.

කාබුල් නුවර බටහිර, ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්‍රදේශයකදී මෙම පිපිරුම සිදුව තිබේ.

මෙම ප්‍රහාරය සිදු නොකළ බවට තලෙයිබාන් සටන්කාමීන් පවසන අතර එහි වගකීම මේ දක්වා කිසිවකු බාරගෙන නොමැත.

Related posts

ඩොලර් සංචිතය ඉතුරු කරන් ඉන්ධන ගන්න ඝානාව අලුත් තීරණයක

Admin

ඊශ්‍රායල රාජ්‍ය නියෝජිතයන් හමුවීමට හමාස් නායකයා ඊජිප්තුවට යයි

Admin

අමෙරිකාව සහ දකුණු කොරියාව නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබයි

Admin

පූටීන්ගේ සමීප හිතවතෙක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වෙයි

colombotoday

කම්හලක වෙඩි තැබීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට

colombotoday

ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයි

colombotoday