World

අමෙරිකාව සහ දකුණු කොරියාව නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙඕල් නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබා තිබේ.

වසර 40කට පසු පළමු වරට අමෙරිකානු න්‍යෂ්ටික සබ්මෑරීන දකුණු කොරියාවට යැවීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනවලට මුහුණ දීම සඳහා දකුණු කොරියාවට සහය වීම මෙම න්‍යෂ්ටික අවි ගිවිසුමේ අරමුණ බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු ජෝ බයිඩන් පරිපාලනය සඳහන් කරන්නේ මෙම එකඟතා මගින් අමෙරිකාව සහ දකුණු කොරියාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවය.

Related posts

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

colombotoday

චීන හමුදාව සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියයයි

colombotoday

ඇමරිකාවේ බලය ට්‍රම්ප්ගෙන් ජෝ බයිඩන්ට.

colombotoday

එන්නත් අභිබවා යන කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ

colombotoday

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කෝවිඩ් – 19

colombotoday

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday