Colombo Today Local News

රජයේ රෝහල්වල ඖෂධ 112ක හිඟයක් – සෞඛ්‍ය ඇමති කියයි

මේ වනවිට රජයේ රෝහල් භාවිත කරනු ලබන ඖෂධ වර්ගවලින් වර්ග 112ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (27)දින පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ වනවිට ලංකාවේ රෝහල්වල ඖෂධ වර්ග 1,347ක් භාවිත කරන අතර, එයින් වර්ග 150ක හිඟතාවයක් පැවති බවද අමාත්‍යවරයා පැවසීය.

“ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා රජය විසින් වාර්ෂිකව රු බිලියන 50ක මුදලක් වැය කරනු ලබන අතර, එය එක්සත් ජනපද ඩොලර් මිලියන 13.6ක අගයකි. මීට අමතරව කැබිනට් මණ්ඩලයේ ඉල්ලීමක් වශයෙන් සලකා මුදල් අමාත්‍යාංශය 1%ක බජට් කට් එකක් ලෙස තවත් මිලියන 40ක පමණ මුලක් වෙන් කරලා තියෙනවා ඊට අමතරව.”

Related posts

අතුරු සම්මත ගිණුම සිකුරාදා පාර්ලිමේන්තුවට

colombotoday

“අපට ඤාණය දෙන්න.. ධනය දෙන්න..“ පාර්ලිමේන්තුවේදී නව රාත්‍රී දේව පූජාවක්

colombotoday

කෝටි දෙකක හෙරොයින් සමග සැකකරුවෙකු රාජගිරියෙන් අල්ලයි

colombotoday

නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

colombotoday

දෙවැනි රැල්ල පෞද්ගලික අංශයේ 15,000 කට රැකියා අහිමි කරලා

colombotoday

ජෝන් කැඩූ ජොගිං පාත්, ජනතා මුදලින් නැවත හදයි.. කොන්ත්‍රාත්තුව නාගරික සංවර්ධන අධිකාරියෙන් පුද්ගලික සමාගමකට

colombotoday