Colombo Today Local News

දෙවැනි රැල්ල පෞද්ගලික අංශයේ 15,000 කට රැකියා අහිමි කරලා

කොරෝනා දෙවැනි රැල්ලේ බලපෑම හේතුවෙන් පෞද්ගලික අංශයේ පුද්ගලයින් 15, 000 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි හා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට යොමු කළ පැමිණිලිවලින් මෙම තොරතුරු අනාවරණ වූ බවයි.

රැකියා අහිමි වූ පුද්ගලයින් අතරට සංචාරක ක්ෂේත්‍රයේ වක්‍ර රැකියාවල නිරත වූවන් ඇතුළත්ව නොමැත.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මෙම පිරිසට සහන සැලසීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව ඔවුන් යළි සේවයේ පිහිටුවීම හෝ සාධාරණ වන්දි මුදලක් ලබා දීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමුවී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

ආණ්ඩු හදන්නෙත් පලවා හරින්නෙත් ජනතාව

Admin

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී

colombotoday

ගිනි අවියක් සමග දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

colombotoday

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි තබා ඝාතනය කෙරේ.

colombotoday

සූරියවැව සැකකටයුතු මරණයක්

Admin

අදත් පැය දෙකක් රටම අඳුරේ

Admin