Colombo Today Local News

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට ඇමරිකානු ඩොලර්වලින් ගනුදෙනු කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට සිය සේවා වෙනුවෙන් සිදුකරන ගෙවීම් ඇමරිකානු ඩොලර්වලින් භාරගැනීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇත. මුදල් ඇමැතිවරයා ලෙස ඇමැති මහින්ද රාජපක්ෂ විදේශ විනිමය පනත යටතේ ඇති බලතල උපයෝගී කරගනිමින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව සපයනු ලබන සේවාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ගෙන් ඩොලර්වලින් සිදුකරන ගෙවීම් භාර ගැනීමට හෝටල්වලට අවසර පවතී. ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති විදේශ මුදල් බැංකු පද්ධතියට ඇද ගැනීමේ අරමුණින් මෙම අවසරය ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙතෙක් කලක් විදෙස් ගමන් බලපත්‍රය සන්තකයේ ඇති විදේශිකයන්ගෙන් පමණක් ලබාගන්නා සේවා වෙනුවෙන් ​හෝටල්වලට ඩොලර්වලින් ගෙවීම් සිදුකළ හැකිය. මෙම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලාංකිකයන් සතු විදේශ විනිමය (ඩොලර්) හෝටල්වල බිල්පත් සහ වෙනත් ගෙවීම් වෙනුවෙන් භාවිත කළ හැකිය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ශ්‍රී ලාංකිකයකු සන්තකයේ තබාගත හැකි ඩොලර් ප්‍රමාණය 10,000 සිට 15,000 දක්වා ඉහළ නංවා ඇත. එසේම මහ බැංකුව විසින් වාණිජ බැංකු හරහා හඳුන්වා දෙන ලද විශේෂ බැංකු ගිණුම්වල තැන්පත් කරන ඇමරිකානු ඩොලර් වෙනුවෙන් අතිරේක 2% ක පොලී ප්‍රතිශතයක්ද ලබාදෙනු ලබයි.

Related posts

අගමැති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි !

colombotoday

අයින්ස්ටයින් තුළට රහසින් ඇදුණු බෞද්ධ මුල් – මහින්ද පතිරණ

colombotoday

බැදුම්කරේ මාරපන වාර්තාව ද්වේෂ සහගතයි – අගමැති විසිකර දමයි

colombotoday

ඇමති ටිරාන් අලස් ට දුමින්ද නාගමුව එක්ක තිබුණු ඩීල් එක එළියට

Admin

සංචාරකයන්ට බලපෑම් කරන කටුනායක කුලී රියදුරන් අත්අඩංගුවට

colombotoday

විජේදාසට එල්ල වූ චෝදනාවම සුසිල් ප්‍රේමජයන්තටත්.. තීරණයක් ගන්න සාකච්ඡා !

colombotoday