Colombo Today Local News

අලුත් ව්‍යවස්‌ථා වැඩ ඉක්‌මන් කරන්න.. උතුරෙන් හමුදාව ඉවත් කරන්න – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමක් දැනුම් දෙයි

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ක්‍රියාදාමය කඩිනම් කරන ලෙසත් උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කරන ලෙසත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩයන් සඳහා වූ සර්ව පාක්‌ෂික මන්ත්‍රී කණ්‌ඩායමේ නායක පෝල් ස්‌කලි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇති ස්‌කලි තවදුරටත් සඳහන් කර ඇත්තේ 2018 සැප්තැම්බර් මස පැවැත්වෙන ජිනීවා සමුළුවට ඒ ගැන වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට ක්‍රියාකළ යුතු බවයි.

පෝල් ස්‌කලි පසුගිය සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාව ඉටුකිරීම ප්‍රමාද කළහොත් එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය හමුවට ගෙනයන බවට ද තර්ජනය කර තිබිණි.

මෙම බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයා කොටි ඩයස්‌පෝරාවේ ප්‍රධානතම ආධාරකරුවෙක්‌ වේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

“ටොප් 10“ හොරු.. ලයිස්තුවේ අංක 7 ට හැරිසන්

colombotoday

බදියුදීන්ගේ ඇමරිකානු ගිණුමට ශ්‍රී ලංකාවෙන් ඩොලර් ලක්ෂයක් !

colombotoday

ජනපති සමග ලන්ඩන් ගිය දූත පිරිස ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday

වහා ඉල්ලා අස්වෙන්නැයි ශ්‍රීලනිපය අගමැතිට දන්වයි.. විශ්වාසභංගයට ඒකමතිකව පක්ෂයි.. ඊයේ රෑ ගත් තීරණය මෙන්න

colombotoday

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

colombotoday