Colombo Today Local News

“ටොප් 10“ හොරු.. ලයිස්තුවේ අංක 7 ට හැරිසන්

ඒකාබද්ධ විපක්ෂය “ටොප් 10“ දූෂිත ලයිස්තුවේ හත්වැන්නා ලෙස අමාත්‍ය පී.හැරිසන්ව ඊයේ නම් කළේය.

“රුපියල් 50 ට මිනිස්සු වී ඉල්ලනකොට රුපියල් 24 ට සත්ව ආහාර සඳහා ඇමතිවරයා දෙනවා. වී කිලෝ එකකින් රුපියල් 26 කට වැඩි පාඩුවක්..මිලියන තිස්හයදාහක් රජයට පාඩු වෙනවා මේකෙන්.

අනෙක් අතට එසේ සත්ව ආහාර ලෙස රුපියල් 24ට වී ලබාගන්න සමාගම් එම වී රුපියල් 35ට වෙළඳ පලට නිකුත්කර රුපියල් මිලියන 11,000ක අයුතු ලාභයක් උපයාගෙන තියනවා ” යයි එම මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගොස් අමාත්‍ය පි. හැරිසන් මහතාට එරෙහිව පැමිණිල්ලක්ද ගොනු කළේය.

මේ අතර ඒකාබද්ද විපක්ෂයේ චෝදනාවට ඊයේ සවසම ප්‍රතාචාර දක්වමින් අමාත්‍ය පී හැරිසන් “වී අලෙවි මණ්ඩලයෙන් ශත පහක් අරං තියෙනවයි කියලා ඔප්පු කලොත් ඇමතිකමෙනුයි මන්ත්‍රිකමෙනුයි දෙකෙන්ම අස්වෙනවා. අනෙක් පරීක්ෂණ ඔක්කොම තියලා මේක කඩිනමින් පරීක්ෂා කරන්න..” යයි මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළේය

Related posts

දිළිඳුකම මගෙ ඇඟේම තියෙනවා !

colombotoday

බැඳුම්කර වංචාව ගැන විශේෂ මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපති ඉල්ලයි

colombotoday

රටේ නම නැවතත් “සිංහලේ” කරන්න.. නව ව්‍යවස්ථාවට අනුරාධපුරෙන් යෝජනාවක්

colombotoday

වාහන දෙකක් හප්පා දියවන්නාවට පැන්න සැප රියේ හිමිකරුට අධිකරණය අද දුන් දඩුවම…

colombotoday

මහවිරු සැමරුමට සහයෝගය දුන් 4 ක් පොලිස් අත්අඩංගුවට

colombotoday

Breaking News : දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් පිටව යයි.

colombotoday