Colombo Today Local NewsHot NewsPolitics

මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කරොත් අවුල් ගොඩයි, ව්‍යවස්ථාවට පටහැනියි

UPFA
දැනට නිකුත් කර ඇති එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව සකසා ඇත්තේ අපගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හෝ අධ්‍යයනය නොකර ඔවුන්ගේ හිතට එන කරුණු මත පදනම්ව බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

මෙහි ඇති කරුණු ක්‍රියාත්මක කිරීමට යැම ප්‍රශ්න රැසක්‌ ඇති කරන්නක්‌ බවත් පවතින නීති වෙනස්‌ නොකොට එය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්‌ නැති බවත් ඇමැතිවරයා කීවේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අදහස්‌ පළ කළේ ඊයේ (01 වැනිදා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද කීවේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එදා නිව්යෝක්‌ නුවර ගියා. ඒ සමඟ මමත් ගියා. අද මෛත්‍රීපාල සිරිසේන මහතා කුඩා කණ්‌ඩායමක්‌ සමඟ නිව්යෝක්‌ ගියා. නමුත් විශාල ජයග්‍රහණ රැසක්‌ අද ඉතා විශිෂ්ට ලෙස අත්පත් කරගෙන තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් උත්කෘෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් සමස්‌ත ජනතාව වෙනුවෙන් මම ස්‌තුතිය පළ කරනවා.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කරුණු පිළිබඳ අප විමර්ශනශීලීව බැලිය යුතුයි. ඒ ගැන ගැඹුරු අන්දමින් අධ්‍යයනය කළ යුතුයි. එම කටයුතු අධ්‍යයනය කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ස්‌ථාවරය කුමක්‌ ද කියා පසුව රට දැනුවත් කරනවා.

2002 පෙබරවාරි මස සිට මෙරට සිදුවූයේ යෑයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ මෙම වාර්තාව මගින් සොයා බලන්න ඕනෑ යෑයි සඳහන් කරනවා. මෙය එවකට රජය ප්‍රතික්‍ෂේප කළා. මේ රජයත් මුලින් එහෙම සහයක්‌ ලබා නුදුන් බව එම වාර්තාවේ සඳහන්. නමුත් යම් ආකාරයකින් ධනාත්මක අයුරින් සහය දුන් බව එම වාර්තාවේ සඳහන්.

එහෙයින් නව රජය මානව හිමිකම් පිළිබඳ සෙවීම සඳහා ධනාත්මකව කටයුතු කළා යෑයි එහි සඳහන්. මෙම ව්‍යවස්‌ථාවට පදනම් වූ කරුණු ලෙස ගැනෙන්නේ දරුස්‌මාන් වාර්තාව සහ වෙනත් අයවලුන්ගේ කරුණුයි.

මෙම වාර්තාව අනුව නීතිමය අයුරින් අපව කොටු කිරීමට ඔවුන් කටයුතු කර ඇත්තේ අප රට අත්සන් කර ඇති ජාත්‍යන්තර ගිවිසුම් නමයක්‌ ගැන සඳහන් කරමින්. ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කර ඇත්නම් මානව හිමිකම් සුරැකිය යුතු යෑයි ද යුද්ධයක්‌ තිබුණා යෑයි කියා මානව හිමිකම් කඩකිරීමට අයිතිය නැතිය යන්න ලෙස දක්‌වමින් අප කොටුකරන්න උත්සාහ කර තිබෙනවා.

අප ගැන පමණක්‌ නෙවෙයි එල්. ටී. ටී. ඊ. යේ ත්‍රස්‌ත ක්‍රියා මෙහි සඳහන්. නමුත් ඊට වඩා වෙන් වෙන්ව අප ගැන ප්‍රශ්න කර තිබෙනවා. අප රටේ නීති ක්‍රමය මෙහිදී දැඩි විවේචනය කර තිබෙනවා.

මෙම පරීක්‍ෂණයේ ස්‌වභාවය මුලින් පැමිණියේ හයිබ්‍රිඩ් උසාවියක්‌ පිහිටුවීමයි. නමුත් දැන් හයිබ්‍රිඩ් කෑල්ල ගැලවිලා තිබෙනවා.

මෙම වාර්තාවේ 258 වන පරිච්ඡේදය අනුව මේවා පිළිබඳ සොයා බැලීම සඳහා මෙරට නීති ප්‍රමාණවත් නැති බවත් එනිසා ශ්‍රී ලංකා රජය නීති සම්පාදනය කළ යුතු යෑයි සඳහන්. එය කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. මෙය ක්‍රියාත්මක කිරීමට යැම තුළ ප්‍රශ්න රැසක්‌ මතුවෙයි.

අපගේ අධිකරණ පද්ධති ගැන අපගේ ව්‍යවස්‌ථාවේ සඳහන්. නමුත් හයිබ්‍රිඩ් උසාවි ගැන කොහේවත් නැහැ. හයිබ්‍රිඩ් උසාවි හදන්න නම් ව්‍යවස්‌ථාව සංශෝධනය කළ යුතු වෙනවා. මේ වාර්තාව ආවා කියා එමගින් යෝජනා කළා කියා මේවා ඉක්‌මනින් කළ හැකි නැහැ. මෙම වාර්තාව තුළම ප්‍රශ්නවලට පිළිතුරු තිබෙනවා.

මේ අය මෙම වාර්තාව සකසා ඇත්තේ අපගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ අධ්‍යයනය කර නෙමෙයි. ඔවුන්ගේ හිතට එන කරුණු මත තමයි වාර්තාව සකසා ඇත්තේ. මෙම වාර්තාවේ කරුණු ක්‍රියාත්මක කිරීමට නීති රීති සම්මත කළ යුතුයි. මෙය ක්‍රියාත්මක කිරීම දැන් තත්ත්වය අනුව කළ නොහැකියි.

 

Related posts

මෛත්‍රිපාල සිරිසේනට ඔල්මාදේ.- ශ්‍රිනිප ව්‍යවස්ථාව වෙනස් කළේ පුතාට තැනක් හදන්න

colombotoday

බැදුම්කර කොමිසමෙන් තවත් රහසක් එළියට.. රෝසිගේ පුතාගේ නමත් ගෑවෙයි !

colombotoday

“කිරුළපන මැයි රැළියට ස්ථීරවම මම එනවා” – හිටපු ජනපති මහින්ද

colombotoday

චන්ද්‍රිකා නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට.. අත්තනගල්ල ශ්‍රීලනිප සංවිධායක ලෙස පත්කෙරේ

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මුස්ලිම් කොන්ග්‍රස් අපේක්ෂකයා මත් පෙති තොගයක් සමග අත්අඩංගුවට

colombotoday

‘‘කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනපති අපේක්ෂකයා නම් කරනවා‘‘

colombotoday