World

ඊශ්‍රායල රාජ්‍ය නියෝජිතයන් හමුවීමට හමාස් නායකයා ඊජිප්තුවට යයි

ඊශ්‍රායලය සමඟ නැවත වරක් සටන් විරාමයක් ආරම්භ කිරීමට කැමැත්තෙන්, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, ගාසා තීරයේ හමාස් සංවිධානයේ, දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හනියේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පමිණ ඇත.

ගාසා තීරය පාලනය කරන්නේ හමාස් සංවිධානයයි. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කරගෙන සිටින්නේ, හමාස් සන්නද්ධ අංශයයි.

ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි. යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ආධාර ලබා දීම සිදුවන්නේ, ඊජිප්තු දේශසීමාව හරහාය.

ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවීමට පෙර, හමාස් නායක ඉස්මායිල් හනියේ සහ ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානීන් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි.

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී මැදහත්කරුවන් වී සිටින්නේ ඊජිප්තුව‍‍යි.

Related posts

පිලිප් කුමරු රෝහල් ගතකරයි

colombotoday

කැරලිකරුවන් දේශප්‍රේමීන් යැයි ඉවන්කා ට්‍රම්ප් කියයි

colombotoday

ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක්

Admin

Muslim Brotherhood සාමාජිකයින් 24කට මරණ දඩුවම.

colombotoday

ජපානයේ තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක්

colombotoday

Facebook සමාව අයැදි

colombotoday