Uncategorized

ඇමති විෂය ගැසට්ටුව සංශෝධනය කෙරේ… රාජ්‍ය බැංකු, රාජ්‍ය වතු සමාගම් කිරිඇල්ල යටතට…

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ තීරණය කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අවස්ථා කිහිපයක දී පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය විෂය පථ ගැසට් පත්‍රය සංශෝධනය කෙරේ.

සංශෝධිත ගැසට් පත්‍රය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පැවරූ අමාත්‍යාංශ යටතේ ඇති විෂය පථ කිහිපයක් අනෙකුත් අමාත්‍යවරුන් යටතට පැවරීමට නියමිතය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාට රාජ්‍ය බැංකු හා රාජ්‍ය වතු පවරාදීමට අපේක්ෂිත බව ආණ්ඩුවේ ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.

Related posts

නාද රටා, පාට පාට විදුලි බුබුළු තහනම්… වාහනවලට එන අලුත් නීතිය ජූනි 30 සිට ක්‍රියාත්මකයි…

colombotoday

(Video) අත්අඩංගුවට ගත් හිලෑ අලි පැටියෙකුගේ කකුල් කඩලා, අලි සම්පත විනාශ කරන්න NGO සමග ඇමතිත් වැඩ – හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය

colombotoday

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

colombotoday

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin

යුධ අපරාධ කළ බව ෆොන්සේකා පිළිගත්තැයි මානව හිමිකම් සමුළුවේ රැව්දෙයි !

colombotoday

කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේ

Admin