Colombo Today Local NewsUncategorized

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ මාස දෙකක් තිස්සේ මත්ද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම නිසා සිදුවන වැටලීම් දිනෙන් දින වැඩි වීමත් සමඟ මේ සඳහා නායකත්වය දෙන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් එම භූමිකාවෙන් ඉවත් කිරීමට හෝ ඝාතනය කිරීමට මත් ජාවාරම්කරුවන් සැලසුම් කරමින් සිටින බවට බුද්ධි අංශ විසින් අනාවරණය කරගනු ලැබ ඇති බව

ජාත්‍යන්තර මත් ජාලයට සම්බන්ධව සිටින මෙම ජාවාරම්කරුවන්ට මෙම යුක්තිය මෙහෙයුම දැඩි හිසරදයක්ව පවතින අතර ඔවුන් මේ වනවිට පත්ව ඇති අසීරුතා හමුවේ සිය ජාවාරම් යළි සක්‍රිය කර ගැනීමේ අරමුණින් මේ සඳහා මුදල් වැය කරමින් අදාළ ඉලක්කගත පුද්ගලයන්ගේ සහය ලබා ගැනීමට ක්‍රියා කරන බවට තොරතුරු ලැබී ඇත.

ඉතා සූක්ෂ්ම ලෙස දේශපාලන නායකයන් සහ සමහර රාජ්‍ය නිලධාරීන්ට සමීප වෙමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර දීමට කටයුතු කර ඇති බවට අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් සමග ද සම්බන්ධ වීමට උත්සාහ දරා ඇති බවට එහිදී හෙළි වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයාත්, වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් මේ වනවිට මේ සම්බන්ධයෙන් රට පුරා මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන අතර ඉහත අවදානම සම්බන්ධයෙන් අවධානයට ලක් කරමින් බුද්ධි වාර්තාව මගින් කරුණු පෙන්වා දී ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වන දා ආරම්භ කරන ලද යුක්තිය මත්ද්‍රව්‍ය මෙහෙයුම මාස දෙකක කාලය තුළ මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග සැකකරුවන් හැටදහසකට ආසන්න ගණනක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් දෙදහසකට අධික ගණනක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසිය මේ වනවිට කටයුතු කර ඇත.

Related posts

නිරෝධායන නීති කැඩු ආගරපතන සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

අමාත්‍ය මණ්ඩලය හදිසියේ රැස්වෙයි

Admin

කටුගස්තර වෙඩි තැබීමේ වැඩිදුර විස්තර

Admin

යෝජිත නව විදුලිබල පනත සදුදා කැබිනට්ටුවට

Admin

රේල්පා‍රේ නින්ද ගිය දෙදරු පියා දුම්රියට බිලිවෙයි

Admin

පාකිස්ථානයේදී දුටු දේකින් මහින්ද කම්පා වෙලා !

colombotoday