Colombo Today Local NewsUncategorized

37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භක සැසිවාරය අද (20) පැවැත් වේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව ඊයේ කොළඹදී ආරම්භ විය.

සමුළුව ලබන 22 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.

සමුළුවට රටවල් 42ක නියෝජිතයින් සහභාගීවනු ඇත.

සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වූ දොන්යු මහතායි.

ඉන් රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහභාගී වන අතර නිලධාරීන් ද 300කට අධික පිරිසක් සමුළුවට එක්ව සිටි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එකවර සහභාගි වන එකම සමුළුව මෙය වන බවයි.

Related posts

සැක කටයුතු පුද්ගල මළ සිරුරක් සොයාගනී

colombotoday

ප්‍රබල ඇමතිගේ ලේකම්, පෙම්වතා කොකේන් සමග මාට්ටු.. නිදහස් කරන්න පොලිසියට බලපෑම් !

colombotoday

රිෂාඩ්ගේ මෙහෙකාර දැරිය මියයාම; පරීක්ෂණ කඩිනම් කරන්න යැයි ඇමති වීරසේකරගෙන් නියෝග. සිරුරත් යලි ගොඩ ගන්නා හැඩ

colombotoday

විස්තීර්ණ ණය පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට

Admin

ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජය ඉතාම සංවේදී

colombotoday

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දෙන්න විමර්ශන කොමිසමක් පත් කරයි

Admin