Colombo Today Local News

විපක්ෂ නායක කාර්යාලය/නිල නිවස සම්බන්ධන් අල්ලාගනී… මහින්දට දෙන්න බෑ කියයි…

සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලය සහ විපක්ෂනායක නිල නිවස කිසිවෙකුටත් භාර නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැන නැගී තිබෙන ගැටුම නිරාකරණය කිරීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කර, එහි අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන තෙක් විපක්ෂනායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතා කටයුතු කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් අද පුවත්පත සමග ප්‍රකාශ කර තිබේ.

එම තත්ත්වය යටතේ රටේ විපක්ෂනායක හිමි කිසිදු වරප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ මහතාට හිමි නොවන බවද ද්‍රවිඩ ජාතික සන්ධානය වැඩිදුරටත් සඳහන් කරන අතර, ඒ අනුව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට අදාළ කාර්යාලය හා නිල නිවස අහිමිවීමේ තත්ත්වයක් උදාවී තිබේ.

Related posts

මැති-ඇමතිවරුන්ට මෙවර අයවැය තේ පාටිය නැහැ

Admin

පාස්කු ප‍්‍රහාරයට සැකපිට බදුර්දින්ගේ නීතිඥ්ඥයා හිජාස් හිස්බුල්ලාත් අත්අඩංගුවට

colombotoday

මීගමුව පාළු ඉඩමකින් අවි සහ උණ්ඩ තොගයක් හමුවෙයි…

colombotoday

පාස්කු වින්දිතයෝ හිටපු පාලකයන්ගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලති

colombotoday

දේශිය වෙලදපොලේ සිනි සහ පරිප්පු මිල රු 10 කින් ඉහලට.

colombotoday

මත්පැන් අලෙවි සලක මුදල් බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා

Admin