Colombo Today Local News

මත්පැන් අලෙවි සලක මුදල් බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා

බැංකු ගත කිරීම සඳහා මත්පැන් අලෙවි සලක කළමනාකරුවකු බෑග් එකක් තුළ දමාගෙන රැගෙන යමින් තිබූ රුපියල් 230,000මුදලක් කුරුණෑගල සූරතිස්ස මාවතේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු පැහැරගෙන පලාගොස් ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.

මුදල් සහිත බෑගය රැගෙන පාගමනින් බැංකුව වෙත යමින් සිටියදී පුද්ගලයකු විසින් එක්වරම මෙම මුදල් බෑගය උදුරාගෙන යතුරුපැදියක නැඟ පලාගොස් ඇති බව පොලිසිය කියයි.

මත්පැන් අලෙවිසලේ කළමනාකරු මේ බව කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇති අතර මුදල් පැහැර ගැනීම සිදුකළ අය ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි

Admin

රෝහල් වල හිඟ ඖෂධ ලැයිස්තුවක් විපක්ෂ නායක ඉල්ලයි

Admin

හෙළිකොප්ටරෙන් යන්න ඇවිත් ගමේ කෙල්ලන්ගේ කොලොප්පමට ලක්වූ සජිත්ගේ නංගී !

colombotoday

“එක රටකට තිබිය හැක්කේ එක නීතියයි, අන්තවාදීන්ට යටත් නොවන ලෙස මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා” ජනපතිගේ සම්පූර්ණ ප‍්‍රකාශය

colombotoday

නිවසටම ගිහින් කොවිඩ් රෝගීන්ට බෙහෙත් කරපු හොර දොස්තර අතටම මාට්ටු

colombotoday

සමන් රත්නායක නැවතත් අධිකරණයට

Admin