ArticlesColombo Today Local News

ලොව ගැඹුරුම නදිය දිගේ, අරුමැති කොංගෝ මහ වනයේ සවාරියක් !

ලොව නන් දෙසින් නොයෙක් ආකාරයේ විශේෂතා සමඟ සුන්දරත්වයෙන් යුත් ගංගාවන් ගැන වාර්තා වනවා. එකකට එකක් පරයා යන මෙම සුන්දර නදී නිසැකවම ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයන්ය. මෙම ලිපිය මඟින් කතා කරනු ලබන්නේ මෙවැනි අපූරු නිර්මාණයක් වන කොංගෝ නමැති නදිය ගැනයි. කොංගෝ යන්නෙහි අරුත, උප ගංගා හා දූපත් සම්බන්ධවත්, කොංගෝ වැසි වනාන්තරය පිළිබඳවත්, මේ ආශ්‍රිත ප්‍රදේශ වල ජිවත් වන ගෝත්‍රික කණ්ඩායම් හා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් මෙන්ම නදිය සම්බන්ධ විවිධ බෙදීම් ගැනත් දැනුවත් වීමේ හැකියාවක් ලැබෙනවා.

කොංගෝ යන්නෙහි අරුත

ලොව නමවන ස්ථානයට දිගම ගංගාව වන්නේ කොංගෝ ගංගාවයි. එය සැතපුම් 2920ක් පමණ දිගකින් යුක්ත වනවා. එමෙනම මෙය ලොව ගැඹුරුම ගංගාවද වනවා. එය අඩි 700 කට වැඩි ගැඹුරකින් යුක්තයි. මෙයින්ද නොනවතින කොංගෝ නදිය අප්‍රිකාවේ දෙවැනි දිගම ගංගාවද වනවා.

කොංගෝ යන්නෙන් අර්ථ දැක්වෙන්නේ ‘උතුම්’ යන අදහසයි. එමෙන්ම කොංගෝ රාජ්‍යයේ නමට අනුකූලවම ගංගාව නම් කිරීම සිදු වුණා. 18 වන සියවසයේ දී මෙම ගංගාව නම් කරනු ලැබුවේ ‘රියෝ කොංගෝ’ යනුවෙනි. 1971 -1997 කාලයේදී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුව සයරේ (Zaire) යනුවෙන් නම් කරන ලද අතරම, ආණ්ඩුව විසින් ගඟේ නමද සයරේ ගඟ යනුවෙන් වෙනස් කරනු ලැබුවා. කෙසේ නමුත් එම කාලයේදී ගංගාව කොන්ගෝ ලෙසින් ලොව පුරා ප්‍රසිද්ධ වුණා.

කොංගෝ යන්නෙහි අරුත උතුම් වුවත් නමේ අරුතට පටහැනි ආකාරයේ ක්‍රියාකාරකම් තමයි සිදු වුණේ. උදාහරණයක් ලෙස මෙම ප්‍රදේශය ආශ්‍රිතව වහල් වෙළඳාම සිදු වූ අතරම මෙම ප්‍රදේශයේ අරාබි මෙන්ම යුරෝපා ජාතීන් ඔවුන්ගේ ආධිපත්‍යයට නතු කර ගෙන තිබුණා. මෙම යුගයේ රජකම් කළ දෙවන ලියෝපෝල්ඩ් නමැති රජතුමා මිනිසුන්ව ඉතාමත් කුරිරු හා දරුණු ආකාරයට සූරා කෑම සිදු කරනු ලැබුවා.

උප ගංගා හා දූපත්

ඇමේසන් මෙන්ම කොංගෝ යනුවෙන් හඳුන්වන්නේ ලෝකයේ තිබෙන විශිෂ්ට ගණයේ ගංගාවන් දෙකක් වනවා. මෙය උප ගංගා කිහිපයකින් පමණ සමන්විත වනවා. ඒ අතර ලොමාමි, අරුවිමි, සන්ශ්හා, ලුකේනි, සන්කුරු, ටිෂූ, අපා යන උප ගංගා තිබෙනවා.

ජෝසප් කොන්ඩේ විසින් මෙම නදිය ගැන සඳහන් කිරීමක් සිදු කර තිබෙනවා. ඔහු දක්වා තිබෙන්නේ “ඇය දඟර ගැසුණ සර්පයෙක් සේය. තම වලිගය අඳුරු වනාන්තරයකද, හිස මුහුදෙහිද සඟවා ගනියි.” යනුවෙනි. එමෙන්ම පෘතුගීසීන් මෙම අඳුරු ස්වභාවයකින් යුත් ප්‍රදේශයට ඇතුළු වීමට බියක් දැක් වූ අතරම, මේ හේතුවෙන් ඔවුන් හට මෙම ප්‍රදේශය පාලනයට ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා.

ගඟෙහි දූපත් 4000 කට වඩා අධික සංඛ්‍යාවක් තිබෙන අතරම, ඉන් දූපත් 50කට අධික සංඛාවක් දිග කිලෝමීටර් 10ක් පමණ වනවා.

කොංගෝ වැසි වනාන්තරය

කොංගෝ නදිය සම්බන්ධයෙන් කතා කරන විට කොංගෝ වැසි වනාන්තරය ගැන සඳහන් කළ යුතුම වනවා. ඒ අනුව කොංගෝ වැසි වනාන්තරය ඇමේසන් වනාන්තරයෙන් පසු ලොව දෙවන විශාලම වැසි වනාන්තරය විය හැකි වනවා. නදියේ ජල ධාරාවන් සඳහා සුවිශාල මෙහෙයක් ඉටු වන්නේ මෙම වනාන්තරයෙනි. එමෙන්ම සැතපුම් මිලියන 1.5 ක් පමණ වූ මෙම වනයේ ශාක විශේෂ 750 කුත්, ක්ෂීරපායි විශේෂ 125කුත්, කුරුළු විශේෂ 400කුත්, උරග විශේෂ 100ක්ද පමණ වාසය කරනු ලබනවා. මෙහි දැකගත හැකි සතුන් අතර කොංගෝ පීෆොවුල් (Congo peafowl) බොනොබෝ (bonobo) ආදී සත්ව විශේෂ ද වනවා. ඒ අනුව කොංගෝ වනාන්තරය ජෛව විවිධත්වයෙන් ඉතාමත් ඉහළ ප්‍රදේශයක් ලෙස දැක්විය හැකි වනවා.

එමෙන්ම ගඟ හා ඉවුරු අවට ප්‍රදේශය කිඹුලන්, හිපෝස්, අලින් ඇතුළු සතුන්ට මෙන්ම මුහුදු ජීවීන් 700කට පමණ වාසස්ථාන සපයනවා. කොංගෝ ද්‍රෝණියේ කුරුළු විශේෂ 1000 පමණ ජීවත් වනු ලබනවා. එය බොහෝමයක් ක්ෂීරපායින්, කුරුල්ලන්, මාළුන් ආදී විශේෂ හට වාසස්ථාන සපයනු ලබනවා.

ජිවත් වන ගෝත්‍රික කණ්ඩායම් හා ප්‍රවාහන කටයුතු

මෙම ප්‍රදේශය ආශ්‍රිතව දිවි ගෙවෙන ගෝත්‍රික කණ්ඩායම සංඛ්‍යාව දෙසීයක් පමණ වනවා. ජෝසප් කොන්ඩේ ඔහුගේ “ අඳුරු හදවත” නමැති කෘතියේ සඳහන් කර තිබෙන්නේ “ කිඹුලන් දඩයම් එදා සිටම මෙම නදිය ආශ්‍රයෙන් සිදු වේ. රට අභ්‍යන්තරයට අවශ්‍යතාවන් සේ ගැනෙන රෙදි පිළි, සබන්, ලුණු, සීනි, බෙහෙත් නැව් මඟින් ප්‍රවාහනය වේ. එම ද්‍රව්‍යයන් සමඟ ජනතාව කිඹුල් සම්, පන් පෙට්ටි ආදිය හුවමාරු කර ගනිති. මේවා ප්‍රවාහනය කරන්නේ දුම් බෝට්ටු මඟින්ය. මෙම බෝට්ටුවක ගමනට දින 12-30 අතර කාලයක් ගත වේ” යනුවෙනි. සියවස් ගණනාවක් තිස්සේ සිදු කළ පරිදිම අද වන විටත් ජනතාව හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙම ගංගාව භාවිතා කරනවා. කොංගෝහි ජල විදුලි බලාගාරද 40ක් පමණ පිහිටා තිබෙනවා.

නදියේ විවිධ බෙදීම්


කොංගෝ ගඟ වාර්ෂික වර්ෂාපතනයෙන් අඟල් 90ක් පමණ ලබා ගැනීම සිදු කරනවා. කොංගෝ නදියේ විවිධ බෙදීම් ගැන කතා කිරීමේදී එය කොටස් පහකින් පමණ යුක්ත වනවා. ඉන් “දුලාබා” නමැති ආරම්භක ප්‍රදේශයන් සැතපුම් 1300 ක් පමණ ගඟ උතුරු දෙසට ගමන් කිරීම සිදු කරනවා. එමෙන්ම ශාබා නමැති ප්‍රදේශයේ දී කිසාලා වැනි විල් දැක ගත හැකි වන අතරම මෙම ප්‍රදේශය තරමක් සුන්දරය. ගංගාවේ අවසාන කොටස ලුවාලාබා යනුවෙන් හඳුන්වන අතරම අතර එය කිසන්ගානාහි නමැති ස්ථානයේ සිට නිරත දිශාවට ගමන් කරන විට ගඟේ පළල සැතපුම් 9ක් පමණ වනවා.

ඒ අනුව කොංගෝ ගංගාව අතිශයින්ම බලවත් ගංගාවක් වන අතරම, එය අප්‍රිකාවේ තිබෙන බලවත්ම ගංගාවද වනවා.

ඩොන්-

Related posts

වන්නි රණවිරුවන් දංගෙඩියට යවන්න LTTE ඩයස්පොරාව හිලරිට සෙට් වෙයි

colombotoday

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

Admin

රාජිත තවමත් හැංගිලා – අත්අඩංගුවට ගැනීමේ ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම

colombotoday

පුංචි මන්ත්‍රීන්ට ලක්‍ෂ 50 ක්… වැඩ හොඳනම් ලක්‍ෂ 100ක්‌

colombotoday

මිරිස් කිලෝව 1600ට නගී. මිරිස්වල කොලෙස්ටරෝල්, කෑමට අගුණයි – සෞඛ්‍ය ඇමති කියයි

colombotoday

ගෙවුණු දින 04 ට ඩෙංගු රෝගීන් 65ක් – 20ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන්

colombotoday