Colombo Today Local News

සමස්ථ ආණ්ඩුවම මෙහෙයවන්නේ එජාප ජාතික ලැයිස්තු ප්‍රභලයන් කිහිපදෙක් විසින්

ඉකුත් දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරමින් රජයේ අමාත්‍යධූර ඉසිලූ 16 දෙනාගේ කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් පැවැත්විණි. මේ සම්භන්ධයෙන් අද දින(28) ජනමාධ්‍යවේදීන් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් සිදුකරන ලද විමසීමකදී කියා සිටියේ රනිල්ගේ ආණ්ඩුව බිඳ වැට්ටවීමට තුඩුදෙන දේශපාලන තීරණ ගන්නා ඕනෑම මන්ත්‍රීවරයකු පිළිගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් ඔවුන් වෙනුවෙන් නායකත්වය ලබා දීම සඳහා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සූදානම් බවත් ය.

මෙහිදී මාධ්‍යවේදීන් මෙම හමුව සම්භන්ධයෙන් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් විමසූ විට ප්‍රකාශ කළේ ජාතික ලැයිස්තුවෙන් පැමිණි කිහිපදෙනෙකුගේ වුවමණාව මත ක්‍රියාකරන එජාප ආණ්ඩුව පැරදවීම සඳහා වන පුළුල් පෙරමුණ ජානිපෙ සමඟ ගොඩනැඟීමට තමන් සාකච්ඡා කළ බවයි. තවද ඉදිරි ජනාධිපතිවරණයේදී හුදෙක්ම මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ඕනෑම නියෝජිතයෙකු හට සහය ලබා දීමට තමන් ඇතුලු 16 දෙනාගේ කණ්ඩායම සූදානම් බවත් එතුමන් මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේය.

Related posts

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපති සටනට

colombotoday

2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !

colombotoday

පාස්කු ඉරිදා මරාගෙන මැරුණු කෝටිපති ඊබ්‍රහීම් ඉන්සාෆ්ගේ කම්හලේ 10 දෙනාම නිදහස්.

colombotoday

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කරති

colombotoday

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

Admin