Colombo Today Local News

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපති සටනට

පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් දිනාගැනීම සදහා මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වීමට තමන් තීරණය කළ බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්යාවපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටිනවා.

වසර ගණනාවක්ම මෙරට පාරිභෝගිකයින් මුහුණ දෙන ගැටලු පිළිබදව දේශපාලන අධිකාරිය දැනුවත් කලද ඉන් කිසිදු ඵලක් නොවුන බවත් සමහර දේශපාලකයින් පාරිභෝගිකයින්ගේ කරමතින් පාර්ලිමේන්තුවට ගොස් පාරිභෝගිකයින් තලා පෙල‌ා දමන බවත් තම සංවිධානය හොදින් නීරීක්ෂණය කල බවත් මෙවර තම සංවිධානය දේශපාලඥයින්ගේ වහසි බස් වලට රැවටෙන්නේ නැති බවත් කිසිදු දේශපානඥයෙකුට සහය පල නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ජනාධිපති සටනට පිවිස සිටින නායකයින් ජනාධිපති සටනට පෙර කුලල්කා ගන්නා බවත් එවැනි දේශපාලකයින්ගෙන් රටට වැඩක් නැති බවත් ප්‍රකාශ කර සිටි විතානගේ මහතා තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රතිවාදී අපේක්ෂකයින්ට එරෙහිව තිරය පිටුපස සිට නඩු පැවරීමට කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පරාජය කිරීම සදහා තමන් සමග අත්වැල්බැද ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

මෙරට පාරිභෝගික අයිතිවාසිකම් පීළිබදව දීර්ඝ කාළයක සිට හඩනගන රංජිත් විතානගේ මහතා රාජ්‍ය අංශයේ දූෂණ හා වංචා විශාල සංඛ්යානවක් රටට හෙළිකල අයෙකි.

Related posts

FCIDය නීත්‍යානුකූලයි – අධිකරණය තීන්දු කරයි

colombotoday

අවලාද එපා.. චෝදනා ඔප්පු කර පෙන්වනු.. ඥාණසාර හිමිගෙන් අභියෝගයක් (Video)

colombotoday

දවස් තුනකට ගෑස් ගොඩබා ගනී

colombotoday

සරසවි සිහිනය සැබෑ කරන කඩයිම් ලකුණු මෙන්න

colombotoday

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම අංකය සමගම ජාලය වෙනස් කිරීමට අවසර

colombotoday

වැඩි කළ වැට් බදු අද සිට බලාත්මකයි

colombotoday