Colombo Today Local News

ඇලෝසියස්ගෙන් මම රුපියල් සීයක්වත් අරන් තිබුණා නම් ඉවරයි

නාමල් රාජපක්‍ෂ අර්ජුන් ඇලෝසියස්ගෙන් රුපියල් සීයක් අරගෙන තිබුණා නම් යහපාලන ක්‍රමවේදය අනුව නාමල් රාජපක්‍ෂ සැකකරු වන බවත්, අර්ජුන් ඇලෝසියස් ආණ්ඩුවේ සාක්‍ෂිකරු වන බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා පැවැසුවේය.

ඔහු මෙසේ පැවැසුවේ පසුගියදා විතාරන්දෙණිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි. ජාතික මැතිවරණයක් කැඳවන ලෙස ආණ්ඩුවට බල කරමින් ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට සහභාගි වෙමින් නාමල් රාජපක්‍ෂ මහතා එසේ කීය.
එහිදී වැඩිදුරටත් මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

අපට ඇඟිල්ල දික් කරපු අය, අපිට හොරා කියපු අය, ඇලෝසියස් මුදලාලිගේ අරක්කු බෙදීම පටන් අරගෙන. බෙදාහරින්නෙත් බලන කොට එයාලා. ඇලෝසියස් මුදලාලිගෙන් සල්ලි ගත්තු එක කොටසයි එළියට ඇවිත් තියෙන්නේ. තව මේ ආණ්ඩුව අපිට හොරා කිය කිය සුද්ද කරපු බැංකු වගේම තවත් හොරකම් රාශියක් මේ රටේ තියෙනවා.

රටේ ජනතාවගේ සංවර්ධනය සම්පූර්ණයෙන් අඩාල කරලා රාජපක්‍ෂලාට හොරු කිය කියා ගිය ආණ්ඩුව අද හොරු කියලා ඔප්පු වෙලා තියෙනවා. ඇලෝසියස් මුදලාලිගෙන් මමත් සල්ලි අරන් තියෙනවා නම් අත්අඩංගුවට ගන්න. මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙවෙයි. සල්ලි ගත්තු අය තාම එළියේ ඉන්නවා. මට කෝල් අටසීයක් දුන්න නම් දීපු සල්ලි තියෙනවා නම් ඒවා හොයාගෙන මාව හිරේ දාන්න. හැබැයි අර සල්ලි ගත්තු අයත් හිරේ දාන්න. එතකොට අපි තුනහතරම එකට ඉන්නම්. එතකොට හරිනේ වැඩේ.

අපි ලංකාව පුරාම යන්න බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාව දැනුවත් කරන්න. රටේ ජනතාව පෙළගස්වන්න මේ ආණ්ඩුව සිදුකරන අසාධාරණයට එරෙහිව. මේ වෙනකොට පළාත් සභා ඡන්දය කල් දාලා. ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බා අවුරුදු දෙකක් කල් දාලා. පළාත් සභා ඡන්දයත් කල් දාන්න යනවා. අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා ඉදිරියේදී ජාතික මැතිවරණයක් තියන්න. මොකද මේ ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න බැහැ. රටේ සංවර්ධනය නවත්වලා. රටේ ජනතාවගේ රැකියා අවස්ථාවන් අහිමි වෙලා. ජාතික සම්පත් විජාතීය සමාගම්වලට විකුණනවා. එදා නාමල් රාජපක්‍ෂව සාටකයෙන් එල්ලන්න ඕන කියපු අය අද අර්ජුන් ඇලෝසියස් මුදලාලිගෙන් සල්ලි අරගෙන. හැබැයි අද ඒ අය එල්ලන්න කවුරුවත් කතා කරන්නේ නෑ. අද සම්පූර්ණයෙන් මේ ආණ්ඩුව රටේ ජනතාවගේ ප්‍රශ්න යටගහන්න වෙනත් ක්‍රමවේදයන් හොයාගෙන ඉන්න කාලසීමාවක්. අපි ආණ්ඩුවට කියන්නේ විකල්පයක් නැහැ. රට එන්න එන්න කඩාගෙන වැටෙනවා. රුපියල එන්න එන්න බාල්දු වෙනවා. ජීවන වියදම එන්න එන්න වැඩිවෙනවා. පොලී අනුපාතය එන්න එන්න වැඩි වෙනවා.

ආණ්ඩුවට තියෙන්නේ එකම විකල්පයයි. ජාතික මැතිවරණයකට ගිහිල්ලා ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක් කරා යන එක.

Related posts

ආණ්ඩුව පෙරළන සාකච්ඡා ඇරඹෙයි !

colombotoday

ගම්මන්පිල , විමල්, වාසුදේව යන අය ආණ්ඩුව පවත්වාගෙන යාමට සහයෝගය නොදැක් වු පිරිසක් – අමාත්‍ය දිළුම් අමුණුගම

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපතිධූරය නීතිඥ අතුළ ප්‍රියදර්ශණ ද සිල්වාට

colombotoday

අගමැතිගෙන් තරුණයන්ට අඩුපොලී ණය..

colombotoday

තිදෙනෙක් දිය රකුසාට බිලි

colombotoday

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

colombotoday