Colombo Today Local Newsfeatured

විල්පත්තුව සුරකින්න කෝටි දෙකක් අත්සන් කළත් මාව නවත්තන්න බෑ – කිසිවෙකුට බිය නැති බලවත් ඇමති රිෂාඩ් බදුයුදීන්

ලක්ෂ දහයක් ජනතාව නොව කෝටි දෙකක් ජනතාව එක්වූවද සිය සටන අඛණ්ඩව ගෙන යන බව අමාත්‍ය රිෂාබ් බදියුදීන් පවසනවා. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ කල්මුනේ නගරයේ පැවති උත්සවයකදීය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සැලකෙන්නේ වත්මන් රජයේ ශක්තිමත්ම අමාත්‍යවරයා ලෙසටය. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට විෂය පහක අමාත්‍යංශ හිමිව තිබෙනා අතර වැඩිම ආයතන හිමි අමාත්‍යවරයාද වන්නේ රිෂාඩ් බදියුදීන් ය. එම නිසාම වත්මන් රජයේ බලවත්ම අමාත්‍යවරයා ලෙස සැළකෙන්නේ අමාත්‍ය බදියුදීන් ය.

විසිහතරවෙනි වරටත් සංවිධානය කර තිබූ නැගෙනහිර පළාත් ජනමාධ්‍යෙව්දී සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ ආන්දෝලනාත්මක අදහස් දැක්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පැවසීය.

“වසර ගණනාවක් තිස්සේ යුද්ධයෙන් බැට කෑව මේ නැගෙනහිර පළාතේ මිනිස්සු ත්‍රස්ථවාදීන් විසින් ඔවුන්ගේ උපන් භූමිවලින් එළෙව්වා. ඔවුන් අනාථ කදවුරුවල ගොඩාක් දුක් වින්දා. එහෙම දුක් වින්ද ජනතාව නැවත ඔවුන්ගේ නිජභූමි වලට ගිහින් පදිංචි වෙන එක දකුනේ ඇතැම් භික්ෂූන්වහන්සේලා හා ඊනියා සංවිධාන දකින්නෙ වැරදි විදියට.

ඔවුන් මේ ප්‍රශ්නයේදී මුලු රටක්ම ගිනිතියන්න හදන්නේ.එදා මේ ජනතාව හමුදාවට විරුද්ද වෙලා ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගත්තනම් මේ රට අද මේ තරම් සාමකාමී නොවෙන්න තිබ්බා. අද මේ විල්පත්තුව ප්‍රශ්නයක් බොරුවට අල්ලගෙන ජාතිවාදය අවුස්සන්න හදන පිරිසගෙන් මම අහන්නනේ  මේ රටේ ජනතාව සාමකාමීව ඉන්නවා දකින්න අකමැති ඇයි කියලා.

දැන් විල්පත්තුව සුරකින්න කියලා මටයි මගේ ජනතාවටයි විරුද්ධව ලක්ෂ දහයක අත්සන් ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරල තියෙනවා. විල්පත්තුව හොඳට තියෙනවා ඒක සුරකින එක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අදාළ ආයතන විසින් සිදු කරනවා.ඒකට මේ වගේ ජාතිවාදී වැඩ අවශ්‍ය නැහැ.

මම කියන්න කැමතියි ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කලත් විල්පත්තු බොරුවට විරුද්ධව අපේ සටන ගෙනියනවා.” යනුවෙන් අමාත්‍යවරයා අදහස් දැක්වූවා.

Related posts

2023 අයවැය ධනාත්මකයි ඉදිරියේදී සහන ලැබේවි – මහින්ද රාජපක්ෂ

Admin

තහනම් නිවේදනයෙන් පසු බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

colombotoday

දැරියව අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි 4ක් ගැන හෙළි වෙයි | දැනට 32ක් අත්අඩංගුවේ

colombotoday

සංදර්ශන නවතා උගන්ඩාවේ සඟවා ඇති මුදල් ගෙන එන ලෙස දන්වයි

Admin

ආපදා අවස්ථාවලදී සහන සැලසීම සදහා 2015 වසරේදී මා මුළු රටම රක්ෂණය කළා – රවී කරුණානායක

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම්.. ඉහළින් නියෝගය ලැබෙන තුරු FCID සීරුවෙන් !!

colombotoday