Colombo Today Local News

සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ගෙන් 45% ක් ඉංග්‍රීසි අසමත්

මෙවර සාමාන්‍ය පෙළ (2018) විභාග ප‍්‍රතිඵල අනුව පාසල් අයැදුම්කරුවන් පෙනී සිටි විෂයයන් 53ක් අතරින් වැඩිම අසමත් වීමේ ප‍්‍රතිශතය වාර්තා වන්නේ ඉංග‍්‍රීසි විෂයටය. එම ප‍්‍රතිශතය සියයට 45.10 කි. 295,744 දෙනකු විභාගයට පෙනි සිටි අතර ඉන් 133,378 දෙනකු විෂයය ඉංග‍්‍රීසි අසමත් ය.

විද්‍යාව විෂයය සමත් වීමේ ප‍්‍රතිශතය පෙර වසරට වඩා මෙවර සියයට 4කින් පමණ පහළ ගොස් ඇත. පෙර වසරේ සියයට 73.46ක් වූ සමත් වීමේ ප‍්‍රතිශතය මෙවර සියයට 69.83ක් වී තිබෙන අතර එම විෂයය අසමත් සංඛ්‍යාව 89,178කි. ගණිතය විෂයය සමත් වීමේ ප‍්‍රතිශතය පෙර වසරට සාපේක්‍ෂව මෙවර සියයට එකකින් පමණ ඉහළ ගොස් තිබේ. 93,642 දෙනෙක් මෙවර එම විෂයය අසමත්ව සිටිති. ගණිතය සමත් ප‍්‍රතිශතය සියයට 68.30ක් වෙයි.

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය සමත් වීමේ ප‍්‍රතිශතය ද මෙවර සියයට 5කින් පමණ පහළ ගොස් ඇත. පෙර වසරේ සියයට 86.58ක් වූ සමත් ප‍්‍රතිශතය මෙවර සියයට 81.48ක් වී තිබේ. අසමත් සංඛ්‍යාව 1155කි.

මෙවර ප‍්‍රතිඵල අනුව සිසුහු 20015 දෙනෙක් සිංහල විෂයය අසමත්ව සිටිති.

Related posts

ගැබිනි මවුවරුන්ට දෙනවා කිව්ව පෝෂණ මල්ල තවමත් නෑ !

colombotoday

පන්සල වට කල යහපාලන පොලිසිය රාජකාරියට බාදා කළායැයි ඥානසාර හිමිට විරුද්ධව ගොනු කල නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

colombotoday

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

Admin

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Admin

මානව හිමිකම් කොමසාරිස්‌ ලවා දරුණු කොටි 10 ක්‌ නිදහස්‌ කර ගැනීමේ තැතක්‌

colombotoday

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටී

colombotoday