Colombo Today Local News

දැරියකට ලිංගික අතවර විදුහල්පතිට වසර 30ක සිර දඩුවමක්

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ හිටපු විදුහල්පතිවරයාට වසර 30ක සිරදඬුවමක් නියම කළ බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසනායක මහතා අතවරයට ලක් වු දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමටද අද (30)දින නියම කර තිබේ.

වසර 09කට ඉහත කළ වරද සඳහා නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 15000/-ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා වසර 30ක සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ආර්”එම්” මර්වින් නමැත්තාටය.

2004 ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබිණී.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.

විත්තිකරුට එරෙහහි එක් චෝදනාවකට වසර 10 බැගින් චෝදනා 03ට වසර 30ක සු`ථ වැඩ සහිත සිරදඬුවම් නියම කොට සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළ විනිසුරුවරයා එක් චෝදනාවකට රුපියල් 5000/- බැගින් චෝදනා 03ට රුපියල් 15000/-ක දඩයක් නියම කළේය.

Related posts

මහින්ද ජයසිංහ ජනතා විමුක්ති පෙරමුණේ. – සංගම් හදලා බලය ලබා ගන්න පාර කපා ගන්නවා | පූජ්‍ය උලපනේ සුමංගල හිමි

colombotoday

“මැයි පළමුවැනිදායින් පසු රටේ නව වෙනසක් කරනවා” – ජනපති

colombotoday

ජනපති තීන්දුවට ගරු කරාවි කියලා විශ්වාස කරනවා – රනිල්

colombotoday

නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම අද

colombotoday

තෙල් මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු මිල සූත්‍රයකුත් එයි…

colombotoday

යාපනේදී පොලීසියට වෙඩි තැබීම : සැකපිට ඇල්ලූ හිටපු කොටි සාමාජිකයා ඇප මත නිදහස්

colombotoday