Colombo Today Local News

අධිකරණ අමාත්‍යාංශය විජේදාසට ද දොලවත්තට ද?

අධිකරණ අමාත්‍ය ධූරය හොබවන මොහොමඩ් අලි සබ්‍රි වෙනුවට වෙනත් ඇමතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර කසු කුසුවක් ඇතිවී තිබෙනවා.

කොරෝනා මරණ ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය විවේචනය කරමින් අධිකරණ අමාත්‍යවරයා සමාජ මාධ්‍ය තුල ආරම්භ කළ අදහස් දැක්වීම මේ වනවිට මහ පාර දක්වා පැමිණ ඇත.

රජයේ සාමුහික වගකීමෙන් මිදෙමින් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස තම ආගමික මතවාදය වෙනුවෙන් පෙනීසිටීම පිළිබඳව සිවිල් සංවිධානවල විවේචනයට අලි සබ්‍රි අමාත්‍යවරයා ලක් විය.

අදාළ හේතුන්මත රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර ද අලි සබ්‍රි අමාත්‍යවරයාට එරෙහිව විරෝධයක් ගොඩනැගී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස අමාත්‍යධුරය සංශෝදනය කිරීමට සුදානම් වන බව දැනගන්නට ඇත.

මොහොමඩ් අලි සබ්‍රිගෙන් ඉවත් කෙරෙන අධිකරණ අමාත්‍යාංශය බොහෝ දුරට විජේදාස රාජපක්ෂ හෝ ප්‍රේමනාත් සී දොලවත්ත යටතට පත්කෙරෙනු ඇති බවට මේ වනවිට කතාබහට ලක්වෙමින් පවතියි.

Related posts

සැක කටයුතු පුද්ගලයෙක් නිසා හොරණ පාසලක් නොසන්සුන් වෙයි…

colombotoday

යහපාලනය ඇඟට දැනෙන්නේ නෑ.. ඡන්දෙ පැරදුණු අය ජ්‍යෙෂ්ඨ ඇමති.. මම රාජ්‍ය ඇමති.. මටත් ප්‍රශ්න

colombotoday

සෞඛ්‍ය අංශය සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවන්න යයි

Admin

දඹුල්ල ආර්ථිකයට එළවලු කිලෝ ලක්ෂ 20ක්. | ලක්ෂ 100 ක් ලැබුණු බවට සඳහන් වාර්තා අසත්‍යයි.

colombotoday

නිරෝධායන කාලසීමාවේ සංශෝධනයක්

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාව මහ නාහිමිවරුන්ට

colombotoday