Colombo Today Local News

නිවෙස් තුළදීම සිදුවිය හැකි කොවිඩ් මරණ ඉහළ යන ලකුණු | මෘතදේහ ගබඩාවට අධිශීතකරණ සහිත කන්ටේනර් සූදානම් කරයි

ඉදිරි දින කිහිපය තුළදී කොවිඩ් ආසාදිතව නිවෙස් තුළදීම සිදුවිය හැකි මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බැවින් එම මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු එම මෘතදේහ ගබඩා කර තැබීමට අධි ශීතකරණ සහිත කන්ටේනර් කිහිපයක් මේ වනවිට සූදානම් කර ඇතැයි කොළඹ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට කොවිඩ් මළසිරුරු ගොඩගැසීමක් සිදුවි නොමැති අතර එහෙත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවය.

නිවෙස් තුළ සිදුවන කොවිඩ් මරණ සහ රෝහල්වලදී සිදුවිය හැකි වෙනත් මරණ පිළිබඳ පරීක්ෂණ වාර්තාවන් ලැබෙන තුරු එම සියලු මෘතදේහයන් තැන්පත් කිරීමට සිදුවන්නේ මෘත ශරීරාගාරයේ වන අතර එමගින් එහි ඉඩකඩ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිවිය හැකි බවද හෙතෙම කීවේය.

Related posts

අනතුරකට පසු හදිසි මරණයක්! ඥාතීන් රෝහලක් කුඩු කරයි

Admin

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

colombotoday

ජනාධිපති අද අපෙන් පළිගන්නවා – මුළු රටම අපිත් එක්ක ඉන්නේ

colombotoday

නව නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා !

colombotoday

බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

colombotoday

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

colombotoday