Colombo Today Local News

කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට සැලසුම්

ලබන වසරේ සිට කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට රජය තීරණය කර ති‌බේ.

කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඊට අදාළ සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවයි.

ඒ අනුව උක්, ‍බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත්, ස්වදේශීක අඹ වර්ග, මඤ්ඤක්කා සහ කටු අනෝදා ඇතුළු බෝග වර්ග රැසක් අපනයනය කිරීම ඉහළ නංවනු ඇති.

ඒ අනුව එම බෝග වගා කරන බිම් ප්‍රමාණය වැඩි කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ ය.

ගම්මිරිස් තෙල් නිෂ්පාදනය කර අපනයනය කිරීමට ද රජය තීරණය කර ඇත.

එම වැඩපිළිවෙළ ලබන වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

Related posts

“නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ”

colombotoday

මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මසයේ

colombotoday

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

colombotoday

තහනම නොතකා නිකාබය ඇදන් ආ ගුරුවරියන් 10ක් විදුහල්පති ආපසු හරවා යවයි…

colombotoday

ලන්ඩන් ප්‍රහාරයේ ත්‍රස්තයන් හෙළිවෙයි.. එක් අයෙක් පාකිස්ථානුවෙක්.. ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

Admin