Colombo Today Local News

ගුරුකන්ද නාහිමි ආදාහනය කිරීම: ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් පොලිස් නිලධාරීන්ගේ නම් ඉවත් කරයි. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් නඩුවෙන් ඉවත් වෙයි

මුලතිව්, නයාරු, ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය විහාර භුමියේ ආදාහනය කිරීම හේතුවෙන් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සහ මුලතිව් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනා අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් ද්‍රවිඩ සන්ධානය විසින් ගොනු කල නඩුව අද(16) අභියාචනාධිකරණයේදී නැවත කැඳවනු ලැබීය.

මෙහිදී නඩුවේ චූදිත පාර්ශවය ලෙස නම්කර තිබූ පොලිස් නිලධාරීන් මෙම නඩුවෙන් ඉවත් කිරීමට දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.කේ සුමන්තිරන් එකඟතාවය පළකර සිටි අතර පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව නඩුව දිගටම රැගෙන යන බව ඔහු අභියාචනාධිකරණයට දැන්වීය.

එම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.

ඒ අනුව අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම් කරන බවයි අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ල නැවත ඔක්තෝම්බර් මස 20 වනදා කැඳවීමට ද දින නියම වුණි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සමග නීතිඥ අශාන් නානායක්කාර සහ නීතිඥ ඉරේෂ් සෙනවිරත්න යන මහත්වරු පෙනී සිටින ලදි.

Related posts

මගේ පිටකොන්ද ජාත්‍යන්තරයට පෙන්නුවා.. හුසේන්ගේ යෝජනාව පැය 24න් ප්‍රතික්ෂේප කළා

colombotoday

මහේල සහ සංගාට නව ක‍්‍රීඩා ඇමතිගෙන් විශේෂ ආරාධනයක්

colombotoday

මංගල සමරවීර බණ නැවත්තුවාට බුද්ධශාසන ඇමතිගේ කනගාටුව

colombotoday

ගෙවල් කුලී පනත අවලංගු කරන්න කැබිනට් අනුමැතිය

Admin

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

colombotoday

ත්‍රිකුණාමලය මාළු වෙළෙද සංකීර්ණයේ 06 දෙනකුට කොරෝනා

colombotoday