Colombo Today Local News

ගෙවල් කුලී පනත අවලංගු කරන්න කැබිනට් අනුමැතිය

1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉඩම් හිමියන්ගේ හා කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබ ඇති 1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත සඳහා අවස්ථා කීපයක දී සංශෝධන සිදු කරනු ලැබ ඇති නමුත් එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව විසින් මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇති අතර ඒ අනුව කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව නීතියක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කර ඇත.

Related posts

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩිතැබීමට 2ක් සැක පිට අල්ලයි

colombotoday

නීති විරෝධී ගිනි අවි සොයා දිවයින පුරා මෙහෙයුම්

Admin

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

colombotoday

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ රතු නිවේදන

colombotoday

අමර ස්වරය නිවී යයි.. හෙළයේ මහා ගාණ්ධර්වයාණෝ දැයෙන් සමුගනී !

colombotoday

ජනපති දැඩි ස්ථාවරයක… ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දුවක්…

colombotoday