Colombo Today Local News

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

මැයි මාසය අග වනවිට පවතින ගෑස් හිඟය තුරන් කිරීමට හැකි වෙතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්‍රෝ සමාගමට මෙන්ම ලාෆ්ස් සමාගමටත් අවශය මූල්‍ය පහසුකම් ලබා දෙන බව අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඉන්දියානු රජයේ මැදිහත්වීම අනුව තවත් සැපයුම්කරුවන් කිහිපදෙනකු තෝරා ගැනීමටද කටයුතු සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම ලෝක බැංකුවත් අ‌මෙරිකානු ඩොලර් මිලියන 90 ක් ගෑස් මිලදී ගැනීමට ලබා දීමට නියමිතය.

එම මුදල ද ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් සතුව පවතින වෙළෙදපොළ ප්‍රමාණය අනුව බෙදාහරින බව අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ අතර ඉදිරියේදී නාගරික ප්‍රජාවට ප්‍රමුඛතාව දී ගෑස් බෙදා හැරීම සිදු කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

ඒ, ගෑස් පාරිභෝගිකයින්ගෙන් සියයට 25 ක් නගරාසන්නව වෙසෙන ජනතාව වීම හේතුවෙනි.

මීට පෙර දෛනික ගෑස් සිලින්ඩර් 80,000 ක් වෙළෙදපොළට සැපයුවද ඉදිරියේදී එම සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කිරීමට ද සිදුවන බව ලිට්‍රෝ සමාගම ඊයේ සදහන් කළේය.

මේ අතර ඊයේ (28) දින මෙරටට සේන්දු වූ ‍මෙට්‍රික් ටොන් 3900ක ගෑස් නෞකාවේ , ගෑස් ගොඩබෑම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

Related posts

MTV තර්කය පිලි ගනී – දිලිත් ජයවීර ආවරණය වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

“මගෙන් පස්සේ මම භාරදුන්නේ, ප්‍රශ්න නැති ලස්සන රටක්.”

colombotoday

සෙනෙට් සභිකකුගෙන් Muslim Brotherhood ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන පනතක්

colombotoday

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනයක

Admin

මොරගොල්ල වෙඩි තැබීමක් – අයෙක් මරුට

colombotoday

බැදුම්කරේ මාරපන වාර්තාව ද්වේෂ සහගතයි – අගමැති විසිකර දමයි

colombotoday