Colombo Today Local News

MTV තර්කය පිලි ගනී – දිලිත් ජයවීර ආවරණය වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ගොනු කර තිබූ නඩුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගය අද (2)දින කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ප්‍රකාශයට පත් කළේ ය.

අධිකරණය දැනුම් දුන්නේ පැමිණිලිකාර සමාගමේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා හෝ එහි නිලධාරීන් ආවරණය වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරිමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ, එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම නගන ලද තර්කය පිළිගනිමිනි.

පැමිණිලිකාර සමාගමේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා හෝ එහි නිලධාරීන් මෙම නඩුවේ පාර්ශවයක් වශයෙන් ඇතුළත් නොකර ඔවුන්ට ද ආවරණයක් ලබාගැනීමට අයිතිවාසිකමක් නොමැති බව විත්තිකාර පාර්ශවය වන එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත් පැමිණිලිකාර සමාගම විසින් කොවිඩ් – 19 රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, විකිණීම, බෙදා හැරීම සම්බන්ධයෙන් පමණක් කිසිදු අපහාසාත්මක ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙසට කොළඹ දිසා විනිසුරුවරයා නියෝග කළේ ය.

Related posts

පුංචි ඡන්දය මිශ්‍ර ක්‍රමයට ලබන ජූනියේ

colombotoday

ඔන්ලයින් ණය ලබාදෙනව කියා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin

එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 700 ක් ආපසු එන්න ඉල්ලති

colombotoday

චම්පික රණවක වෙනුවෙන් රිෂාඩ් බදුර්දීනුත් අධිකරණයට

colombotoday

උසස් පෙළ විභාගයට යමින් සිටි පෙම්වතියට ඇසිඩ් පොවන්න ගිය නරුම පෙම්වතාටත් ඇසිඩ් පහර

Admin

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

colombotoday