Covid 19featured

සයිනොවැක් එන්නතට අනුමැතිය දීමට විරුද්ධ වූ තිදෙනක් ඖෂධ නියාමන මණ්ඩලයේ උපදේශක සභාවෙන් ඉල්ලා අස්වෙයි.

සයිනොවැක් නමැති චීනයේ නිෂ්පාදිත කොවිඞ් එන්නතට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් හටගත් මතභේදයකදී එසේ අනුමැතිය ලබාදීමට විරුද්ධවූ සාමාජිකයන් තිදෙනකු ඖෂධ නියාමන මණ්ඩලයේ උපදේශක සභාවෙන් ඉල්ලා අස්වී ඇත.

මෙම උපදේශක සභාව විද්වත් සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විත වන අතර, එහි සාමාජිකයන් වූ ප‍්‍රතිශක්තිකරණවේදී වෛද්‍ය රජීව ද සිල්වා, වෛරස්වේදය පිළිබඳ වෛද්‍ය කාන්ති නානායක්කාර, ස්වසනවේදය පිළිබඳ වෛද්‍ය මහාචාර්ය චන්න රණසිංහ යන මහත්ම මහත්මීන් මෙසේ ඉවත්වූ තිදෙනාය.

සයිනොවැක් එන්නත ශ‍්‍රී ලංකාවේ වැසියන්ට ලබාදීම නුසුදුසු බව මෙම තිදෙනාගේ මතය වූ බවත්, එබැවින් එය ශ‍්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීමට ඔවුන් විරුද්ධ වූ බවත් වාර්තා වේ.

සයිනොවැක් මාත‍්‍රා විසිලක්‍ෂයක් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතව තිබිණි. මෙම වැක්සීනය කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදය සඳහා අඩුම ප‍්‍රතිචාරයක් දක්වන වැක්සීනය බවද වාර්තා වේ. වැක්සීනය සඳහා අනුමැතිය ලබාගැනීම පිණිස එය ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ පිළිබඳව නිසි සායනික වාර්තා තිබී නැත.

ඩෙල්ටා ප‍්‍රභේදය ඉදිරි කාලය තුළදී ශ‍්‍රී ලංකාව පුරා පැතිරයාමේ අවදානමක් තිබෙන බැවින් ඒ සඳහා සුදුසු එන්නතක අවශ්‍යතාව රජයට දැඩිව දැනී ඇත.

සයිනොවැක් එන්නත මුලින් මාත‍්‍රා මිලියන දෙකකුත්, පසුව තවත් මාත‍්‍රා මිලියන 11කුත් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු යොදා තිබිණි.

Related posts

ජනපති සිරිසේන කිසිවක් නොදන්නවා සේ හැසිරෙද්දී දෙවන වරටත් ජිනීවාහිදී රට පාවා දෙයි..

colombotoday

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

නිතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය ඥානසාර හිමි වැරදි කරුවකු කරා – බෙන්ගමුවේ හිමි

colombotoday

කිරිපිටි නමිත් මෙතෙක් කල් බී ඇත්තේ වස…

colombotoday

ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි

colombotoday