Colombo Today Local News

තවත් කොවිඩ් ප්‍රභේදයක් කැලිෆෝනියාවෙන් වාර්තාවෙයි

ඇමරිකාවේ කැලි​ෆෝනියා ප්‍රාන්තයේ ව්‍යාප්ත වන ‘එප්සයිලන්’ (Epsilon) නමැති නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳ අවධානයෙන් සිටින බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පවසයි.

මේ වනවිට එම ප්‍ර‍භේදය රටවල් ගණනාවක ව්‍යාප්තවෙමින් පවතියි. එමෙන්ම ඉදිරියේදී ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍ර‍භේදය මෙරට සුලභ වශයෙන් ව්‍යාප්තවිය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

දැනට ලබාදෙන ස්පුට්නික්, සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත් මගින් ඩෙල්ටා ප්‍රභේද සඳහා විශේෂ ආවරණයක් ඇති බවද ඔහු සඳහන් කළේය.

කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වුවහොත් ඉන් ඇතිවන්නේ අවම බලපෑමක්. එමනිසා සියලුදෙනා එන්නත ලබාගැනීමට කටයුතු කළ යුතු බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

Related posts

ලංකාවට එන විදේශිකයන්ට ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක්

Admin

ජීවිත දෙකක් බිළිගත් මට්ටක්කුලියේ බිහිසුණු අනතුර

colombotoday

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළට

Admin

අතුරුගිරියේ වෙඩිතැබීමෙන් ක්ලබ් වසන්ත මරුට

Admin

මහනුවර දිගන ආශ්‍රිතව අදත් සුළු භු චලනයක්

colombotoday

ශ්‍රී ලංකාවේ කාබනික වගාව දියුණුවට යුරෝපා සංගමයේ සහය

colombotoday