Colombo Today Local News

‘‘මහජන ආරක්ෂක ඇමැති’’ නව කැබිනට් තනතුරට රියර් අද්මිරාල් සරත් වීරසේකර ?

පොලිස් සේවය නගා සිටුවීම, ග්‍රාමීය ප්‍රජා ආරක්ෂාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා ‘‘මහජන ආරක්ෂක ඇමැති’’ ලෙසින් නව කැබිනට් තනතුරකට රියර් අද්මිරාල් සරත් වීරසේකර පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම කැබිනට් ධුරය සඳහා දෙපාර්තමේන්තු හා ආයතන හතරක් වෙන් කර නව විෂය පථයක් හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, බහුකාර්ය සංවර්ධන කාර්යාසාධක බළකා දෙපාර්තමේන්තුව සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මේ යටතේ නව කැබිනට් ඇමැතිවරයාට පවරා ඇත.

මීට පෙර මෙම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතට ගැනුනේය. එහි රාජ්‍ය ඇමැතිවරයා ලෙස චමල් රාජපක්ෂ කටයුතු කළේය. නව ගැසට් පත්‍රය අනුව ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු ආයතන දහයක් වෙන් කර තිබේ. මීට අමතරව තාක්ෂණ අමාත්‍යාංශය නමින්ද අලුත් අමාත්‍යාංශයක් පිහිටුවා ඊට තොරතුරු තාක්ෂණයට අයත් ආයතනයන්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන දහයක් ඇතුළත් කර තිබේ.

Related posts

පැණි දම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට

colombotoday

ආපදා මරණ 20 දක්වා ඉහළට… පනස්දාහක් අවතැන් කඳවුරුවල…

colombotoday

ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් ආනයනයට අවසර

colombotoday

පන්සල්වල ඉන්න හීලෑ අලි ඇතුන් පටලවා ගනිමින් බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

colombotoday

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

colombotoday