Colombo Today Local News

ආපදා මරණ 20 දක්වා ඉහළට… පනස්දාහක් අවතැන් කඳවුරුවල…

අයහපත් කාලගුණික තත්වයෙන් මියගිය සංඛ්‍යා 20ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බවත් එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

අත්තනගලු ඔයේ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ගම්පහ, කටාන සහ ඒ අවට වෙසෙන ජනතාව පීඩාවට පත්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිල වාර්තාවලට අනුව රට පුරා පීඩාවට පත් වූවන් අතරින් පනස් පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් තාවකාලික කඳවුරු තුළ රඳවා තබා ඇත.

වැසි සහිත කාලගුණය තවදුරටත්:

මේ අතර, පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නාය යාම් සහ හදිසි ගංවතුර තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කඳුකර පෙදෙස් සහ ගංගා දෙපස වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.

Bad Weather 600පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුර

මේ අතර සතියක් තුළ දෙවන වතාවටත් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ.

මාදම්පේ, මහවැව, නාත්තන්ඩිය, වෙන්නප්පුව, ආරච්චිකට්ටුව යන ප්‍රදේශ වල පුද්ගලයන් පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් ආපදාවට ලක්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකයේසහකාර අධ්‍යක්ෂ ඒ .එම .අලහකෝන් පැවසිය .

සෙනසුරාදා පෙරවරුවේ හලාවත දෙසට ගමන් කරමින් සිටි මන්නාරම රදගුරුතුමා ඇතුළු කතෝලික පියතුමන් 50 කට අසන්න පිරිසක් ද ගංවතුරට කොටුවූහ. පසුව ඔවුන් බර වාහන යොදා ගනිමින් හලාවත දක්වා රැගෙන යාමට කටයුතු කරන ලදි.

අතුරුදහන් පොලිස් නිලධාරියා සොයා තවදුරටත් මෙහෙයුම්:

මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ ජලයෙන් කොටුව සිටි පවුලක් බේරා ගැනීමට ගොස් ජල පහරකට හසුවී සිකුරාදා අතුරුදන් වූ පොලිස් නිලධාරියා ගැන මෙතෙක් තොරතුරක් හෙළි වී නැත.

එසේ අතුරුදහන්වී ඇත්තේ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 88587 දසනායක පතිරැන්නැහැලාගේ ඩිලාන් සම්පත් (අවු:29) නම්වූ අයෙකි. අවිවාහකයෙකු වන ඔහු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

(මුලාශ්‍රය – බීබීසී සිංහල සේවය)

Related posts

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

colombotoday

ගොවීන්ට නොමිලේ දෙන්න ගෙන ආ පොහොරත් සඟවාගෙන

Admin

තැපැල් ඡන්ද දින මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි

colombotoday

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

colombotoday

මීගමුව පොලිස් ස්ථානාධිපති නිරෝධායනයට

colombotoday

ඇමති නාමල් ගේ නම විකුණා අපරාධ සිදු කල අයෙක් අත්අඩංගුවට

colombotoday