Colombo Today Local News

ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් ආනයනයට අවසර

මේ වන විට ආනයන සීමා යටතේ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති ටයිල් ඇතුළු ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් කොන්දේසි සහිතව ආනයනය කිරීමට අදාළව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නොවන අනුමත සහාධිපත්‍ය ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, හෝටල් ව්‍යාපෘති සහ රජයේ ව්‍යාපෘති සඳහා අදාළ ආනයන කිරීමට අවසර හිමිවන අතර අදාළ ආනයනික භාණ්ඩ සෘජුව හෝ වක්‍රව නැවත විකිණීමේ අරමුණින් ගෙන්වන ඒවා නොවිය යුතුවේ.

මේ සඳහා සිදුකරන ගෙවීම් සඳහා දින 180 ක ණය කාලයක් යටතේ වන ණයවර ලිපි මගින් කළ යුතු අතර ඒ සඳහා ආනයන අපනයන පාලක, භාණ්ඩාගාර ලේකම්, මුදල් අමාත්‍යවරයාගේ අවසරය ලබා ගැනීම වැනි කොන්දේසි ඊට ඇතුළත් වේ.

Related posts

හෙරොයින් සමග තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

“ආර්ථික කාරණේදී රාජපක්ෂ ආණ්ඩුව ධන, මේ ආණ්ඩුව සෘණ“ – ඇමති ඩිලාන්

colombotoday

ගෝඨාභය ආරක්ෂක ලේකම් කරන්න පුලුවන්නම් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරාම මොකද – ෆොන්සේකා අසයි

colombotoday

ගෝන මස් කිලෝ 19ක් සමඟ හමුදා සෙබළකු අල්ලයි

Admin

ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයි

Admin