Colombo Today Local News

පැණි දම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට

කොරෝනා රෝගයට දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කරමින් රටපුරා ජනප්‍රියත්වයට පත්වූ කෑගල්ලේ උඩුමාගම ධම්මික බංඩාර මහතාගේ බාල සහොදරයා කෝවිඩ් වෛරසය උත්සන්න වීමෙන් මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන් බංඩා නැමැති 58 හැවිරිදි තිදරු පියකු බව පොලිසිය පවසයි.

පිළිකාවකට රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 12 වැනිදා රාත්‍රි නිවසේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර පසුව කෑගල්ල මහ රෝහලේ දී දේහය සම්බන්ධයෙන් කරන ලද රැපික් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඔහුගේ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය නීතිරීති අනුව කෑගල්ල ආදාහණාගාරයේ දී සිදු කර ඇත.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ඇමරිකානු සාම හමුදාවේ කණ්ඩායමක් ලංකාවට ගොඩබහී.. ගිවිසුම් අත්සන් කෙරේ…

colombotoday

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් සහ පොලිස්පති ධුරවලින් ඉවත් කිරීමට යයි

colombotoday

වී මිල තීරණය කරන කමිටුවට ගොවි නියෝජිතයින් තිදෙනෙකුත්

Admin

රවී කරුණානායකට බැඳුම්කර චෝදනා නෑ – තිලක් මාරපන

colombotoday